සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විදානගමගේ සහ ඌව අපේක්ෂක අනුර විදානගමගේ අත්අඩංගුවට ගන්නැයි නියෝග
එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විදානගමගේ සහ ඌව පළාත් සභා අපේක්ෂක අනුර විදානගමගේ ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන
අධිකරණයට ඉදිරිපත් කරන්නැයි මහියංගණය මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.ඒ, මැතිවරණ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුවයි.
ඊයේ නාමයෝජනා භාරදීමෙන් අනතුරුව රථ පෙළපාලියක යමින් සිටි අවස්ථාවේ මැතිවරණ නිලධාරීන් ඒ, සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගැනීමට ගත් උත්සහයේදී ඔවුන්ට බාධා කළ බව ට වෝදනා එල්ල වී තිබේ.

No comments