Header Ads

අනුරාධපුරේ 18+ ජෝඩු වලට පෙම් කරන්න පාක් එකක් – ජ.වී.පෙ


අවුරුදු දහඅටෙන් ඉහළ ජෝඩු වලට අනුරාධපුර මහ නගර සභාව විසින් අනුරාධපුර පූජා භූමියේ මල්වතුඔය අසල රිවර් පාක්‌ නමින් උද්‍යානයක්‌ ඉදිකර ඇති බවත් එවැනි
උද්‍යානයක්‌ තිබෙන ලෝකයේ එකම රට ශ්‍රී ලංකාව බවත් ජනතා විමුක්‌ති පෙරමුණේ දේශපාලන මණ්‌ඩල සභික උතුරු මැද පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා පැවැසීය.


එම උද්‍යානය තුළට ඇතුළුවීමට හැකියාව ඇත්තේ වයස අවුරුදු 18 න් ඉහළ ජෝඩුවලට පමණක්‌ බවත් ඊට ඇතුළුවන සෑම යුවලකගෙන්ම දේශපාලන හෙංචයියකු විසින් රුපියල් දෙසිය පනහක්‌ බැගින් මුදල් අයකරන බවත් හෙතෙම කීය.

අනුරාධපුර නැගෙනහිර ආසනයේ ශ්‍රාවස්‌තිපුර පහේ ඇළ ජනතා විමුක්‌ති පෙරමුණේ ශාඛා සමිතිය ප්‍රතිසංවිධානය කිරීමේ ජනහමුවට එක්‌වෙමින් වසන්ත සමරසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේය.

මෙහිදී වැඩිදුරටත් කථා කළ ඒ මහතා මෙසේද කීය.

සාමාන්‍යයෙන් උද්‍යානයක්‌ කියල කියන්නෙ ඇවිදීමට හැකි, කථාකර කර විවේකීව ගත කිරීමට හා විනෝද විය හැකිවන පරිදි නිර්මාණය කළ තැන්වලට. නමුත් ලෝකයේ අවුරුදු 18 න් ඉහළ වයසේ පසුවෙන ජෝඩුවලට ඇතුළුවීමට උද්‍යානයක්‌ හදපු එකම රට ශ්‍රී ලංකාව. එයට තනි පුද්ගලයෙකුට ඇතුළුවෙන්න හැකියාවක්‌ නෑ. වයස අවුරුදු 18 ට වැඩිවෙන්නත් ඕනෑ. ජෝඩු යන්නත් ඕනෑ. ප්‍රවේශ පත්‍ර ගාස්‌තු වශයෙන් එක ජෝඩුවකින් රුපියල් දෙසිය පනහක මුදලක්‌ අය කරනවා.
වාර්ෂිකව පිච්චමල් ලක්‍ෂ ගණනින් පූජා කරන බාර හාර ඔප්පු කරන, ලක්‍ෂ සංඛ්‍යාත බෞද්ධ ජනතාවගේ වන්දනීයත්වයට පාත්‍රවූ ඓතිහාසික අනුරාධපුර විජය ශ්‍රී ජයශ්‍රී මහා බෝ සමිඳුන් විරාජමානව වැඩහිඳින පුණ්‍ය භූමියේ මල්වතුඔය අසල මේ ආසියාවේ ආශ්චර්යවත් උද්‍යානය පිහිටා තිබෙන්නෙ. එය අනුරාධපුර මහ නගර සභාව මගින් හදල තිබෙන්නේ.

මෙහිදී අනුරාධපුර නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශීය සභාවේ ජනතා විමුක්‌ති පෙරමුණේ මන්ත්‍රී අශෝක විමලසිරි මහතා ඇතුළු කීපදෙනෙක්‌ ජනහමුව ඇමතූහ.

No comments

Powered by Blogger.