මැලේසියානු යානාව අතුරුදන්වී දින 78 ක් ගතවී ඇත. නීජල් ක්‍රෝත්‍රෝස් නමැති ගත්කතුවරයා මෙතෙක් හෙළි නොවූ අභිරහස හෙළිකර තිබේ.
ඒ ඇමරිකානු හා තායි ගුවන් අභ්‍යාසවලදී වැරදීමකින් එකී යානාවට වෙඩි වැදී විනාශ වූ බවයි.
මේ නිසා එකී සිදුවීම වසන් කර ඇත. යානාව සෙවීම සඳහා පරීක්‌ෂණ කණ්‌ඩායම්වලට දී ඇත්තේ වැරදි තොරතුරුයි.
පසුගිය මාර්තු 8 දා මැලේසියානු යානාව අතුරුදන් විය. ඒ වනවිට ඇමරිකානු තායි ප්‍රහාරක යානා යුද අභ්‍යාසවල නිරතවී සිටියහ. දකුණු චීන මුහුදේ මෙම යුද අභ්‍යාස පැවැත්විණි.
ගිනිගන්නා යානාවක් මුහුදට කඩාවැටෙනු තමන් දුටු බව දකුණු චීන මුහුදේ තෙල් ළිඳක සේවය කළ ඉංජිනේරුවකු දුටුවේය.
මේ අවස්‌ථාව වනවිට යානාවේ පණිවුඩ උපකරණ අක්‍රීය වීය.
එහෙත් යානාව ගැන සෙවීමට විමර්ශන කණ්‌ඩායම් යවනු ලැබුවේ දකුණු චීන මුහුදට නොව ඉන්දීය සාගරයටය. නීජල් ක්‍රෝත්‍රෝස්‌ගේ මේ හෙළිදරව්ව ගැන ඇමරිකානු හා තායි බලධාරීහු මේ වනතෙක් කිසිදු ප්‍රකාශයක් කර නැත.
එහෙත් දකුණු චීන මුහුදේ ගුවන් අභ්‍යාස පැවැති බව සනාථ වී තිබේ.
දකුණු චීන මුහුදේ තෙල් ළිඳේ ඉංජිනේරුවා හෙළිකළ තොරතුරු මත එම ප්‍රදේශය විමර්ශනයට ලක් නොකළේ මන්ද යන්න අභිරහසකි.
රටවල් කීපයක් මෙම යුද අභ්‍යාසවලට සහභාගි වුණා. ඔවුන් සත්‍යය දන්නවා. එහෙත් තොරතුරු වසන්කළා යෑයි නීජල් කියා සිටියේය.
එම්.එච්-370 නමින් නම් කර ඇති මෙකී ග්‍රන්ථයේ කර්තෘ නීජල් තවදුරටත් පවසන්නේ යානාවේ සිටි මගීන්ගේ ඥතීහු යානාවට සිදුවූයේ කුමක්‌දැයි නොදන්නා බවයි.
ඇමරිකානු තායි ඒකාබද්ධ ගුවන් අභ්‍යාසය වැරදුණා. එය චීනය අත්හිටුවනු ලැබුවා යෑයි ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
ලබන සතියේදී නීජල් ක්‍රෝත්‍රෝස්‌ගේ ග්‍රන්ථය එළිදැක්‌වීමට නියමිතය. ඉන් මැලේසියානුa රජයද දැඩි අර්බුදයකට මුහුණපාන බව නීජල් කියා සිටී.
නීජල්ගේ ග්‍රන්ථය නිසා දැඩි සැකයක් මතුවන්නේ දකුණු චීන මුහුදේ විමර්ශන කටයුතු පුළුල්ව සිදු නොකිරීම නිසයි.
No comments