විදුහල තුල නොසන්සුන්තාවයක්
මරදාන අශෝක විද්‍යාලය තුල දෙපිරිසක් අතර නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවී ඇති බව පොලීසිය පවසයි. එම විද්‍යාලයේ සිටින වත්මන් විදුහල්පති අවශ්‍ය යැයි පවසමින් එක් කණ්ඩායමකුත් එම විදුහල්පති අවශ්‍ය නොවන බව පවසා තවත් කණ්ඩායමකුත් විරෝධය දක්වන බව පොලිස් මාධ්‍ය අංශය පැවසුවේය.
80 කට ආසන්න පිරිසක් විදුහල් භූමිය තුල මෙලෙස
විරෝධයේ යෙදන අතර විදුහලේ ගුරුවරුන්ද විරෝධතාවය සඳහා සිටින බව වාර්තා වේ.
විරෝධයේ යෙදන අතර විදුහලේ ගුරුවරුන්ද විරෝධතාවය සඳහා සිටින බව වාර්තා වේ.
කෙසේ වෙතත් මේ සම්බන්ධව අදහස් දක්වපු ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසා සිටියේ අවධිමත්ව පත්කර විදුහල්පතිට පක්ෂපාතී පිරිස් විසින් සහ බස්නාහිර පළාතේ මහ ඇමතිගේ මැර කණ්ඩායම් විසින් මෙලෙස උද්ඝෝෂණයේ නිරතවූ දෙමාපියන්ට පහරදී ඇති බවයි. තවද බස්නාහිර පළාතේ මහ ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ තනි මතයකට මෙම විදුහල්පතිව පත්කර ඇති බව ජෝසප් ස්ටාලින් මහතා වැඩිදුරටත් පැවසුවේය.
මැර ප්‍රහාරයෙන් තුවාල ලැබූ කාන්තාව කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බවද ජෝසප් ස්ටාලින් මහතා පවසා විටියේය. මෙලෙස අවධිමත්ව පත් කර ඇති විදුහල්පතිවරයා හේතුවෙන් මේ වනවිට ගුරුවරුන් 32 නෙකු වෙනත් පාසල් වලට මාරුවී ඇති අතර එලෙස මාරු වී ඇත්තේද ප්‍රසන්න රණතුංග මහතා විසින් නැවත මාරු කර යවා සිටි විදුහල්පති නැවතත් පාසලට කැඳවීමෙන් පසු බවත් ජෝසප් ස්ටාලින් මහතා පැවසුවේය.
මේ හේතුවෙන් මාස 3 ක කාලයක් විද්‍යාලයේ සිසුන්ට නිසියාකාරව අධ්‍යාපනයක් හිමිවී නැති බවත් ඔහු වැඩිදුරටත් පැවසුවේය.
No comments