හිඟන්නන්ට එරෙහිව ලන්ඩනයේ මතුවූ උල්
යාචකයන්ට රාත්‍රියේදී හෝ වර්ෂා වේලාවට ලැගුම් ගැනීමට තරම් ඉඩකඩ ඇති නිවෙස් අවට කොටස් මත උල් සවි කිරීමේ පුවතක් ලන්ඩන් නුවරින් වාර්තා වේ.
මෙලෙස නිවෙස් ඉදිරිපට සහ අවට යකඩ උල්
සවි කිරීම ප්‍රථමයෙන් සිදු කර ඇත්තේලන්ඩන් නුවර පිහිටි සුපිරි නිවාස සංකීර්ණයක් ඉදිරිපිටයි.
සවි කිරීම ප්‍රථමයෙන් සිදු කර ඇත්තේලන්ඩන් නුවර පිහිටි සුපිරි නිවාස සංකීර්ණයක් ඉදිරිපිටයි.
අදාළ නිවාස සංකීරණයට ඉදිරිපසින් මානසික රෝග වලින් පීඩා විඳින අනාථ පුද්ගලයන්ට පහසුකම් සළසන ස්ථානයක් පිහිටා ඇති බවද වාර්තා වේ.
කෙසේවෙතත්, අදාළ ගොඩනැගිල්ල ඉදිරිපස එලෙස උල් සවි කිරීමෙන් අනතුරුව එය ආදර්ශයට ගනිමින් එම නගරයේ වෙනත් ගොඩනැගිලි වටාද මෙලෙස උල් සවි කිරීමට ඒවායේ හිමිකරුවන් පියවර ගෙන ඇත.



No comments