පාපන්දු ලෝක කුසලානය – 2014 : අයිවරි කෝස්ට් හමුවේ ජපානයට පරාජය
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ‘සී’ කාණ්ඩයේ අද උදෑසන අවසන් වූ තරගයෙන් අයිවරි කෝස්ට් කණ්ඩායම හමුවේ ජපානය
පරාජයට පත් විය.‘සී’ කාණ්ඩයේ දෙවැනි තරගය වූ මෙය පැවැත්වුනේ, රෙසිෆිහිදී ය.
හතළිස් දහසකට අධික ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියේ පැවැති තරගය ආරම්භයේදී ජපානයේ දක්ෂතා කැපී පෙනිණ.
16 වැනි මිනිත්තුවේදී ක්‍රියාත්මක වූ ජපාන ඉදිරි පෙළ ක්‍රීඩක කෙයිසුකේ හොන්ඩා ගෝල රැස් කිරීම ආරම්භ කළේ ය.
අයිවරි කෝස්ට් කණ්ඩායමට පළමු අර්ධයේදී ගෝල රැස් කිරීමට හැකියාවක් නොලැබිණ.
නමුත් දෙවැනි අර්ධයේදී ජපානයට අභියෝගයක් එල්ල කළ ඔවුන් එහිදී ගෝල දෙකක් රැස් කළේ ය.
ඉන් පළමු ගෝලයට හිමිකම් කීවේ ඉදිරිපෙළ ක්‍රීඩක බොනී විල්ෆ්‍රඩ් ය.
තරගයේ 64 වැනි මිනිත්තුවේදී ඔහු එම ගෝලය රැස් කළේ ය.

No comments