නේපාලයේ කත්මණ්ඩු නුවරදී අමෙරිකානු කතක් සමූහ ලෙස දූෂණය කෙරේ
විදෙස් වාර්තා සඳහන් කළේ, 40 හැවිරිදි එම කාන්තාව පසුගිය වසරේ සිට
ව්‍යාපාරික වීසා මත නේපාලයේ රැඳී සිට ඇති බව ය.ඇය සමූහ දූෂණයට ලක්ව ඇත්තේ, කත්මණ්ඩුහි හෝටල් කාමරයක් තුළදී ය.
කත්මණ්ඩු පොලීසිය පවසන්නේ, අදාළ කාන්තාව නේපාල වැසියන් සිව් දෙනෙකු සමග එම හෝටලයේ සාකච්ඡාවක නිරතව සිට ඇති බව ය.
පසුව, එම පුද්ගලයින් සිව් දෙනා මත්පැන් පානය කර ඇති අතර ඇය සිය කාමරයේ නින්දට ගොස් ඇත.
ඇය තමන් සමූහ දූෂණයකට ලක්ව ඇති බව දැනගෙන ඇත්තේ, අවදි වීමෙන් පසුව ය.
නේපාල පොලීසිය විසින් සැකකරුවන් සිව් දෙනා අත්අඩංගුවට ගෙන තිබේ.
SOURCE: NDTV
No comments