Header Ads

“පෝය දවසෙම හාමුදුරුවොන්ට තඩිබාන මුස්ලිම් අන්තවාදීන්ට දඬුවම් නැද්ද ?” – හෙළ උරුමය

බෞද්ධ විරෝධී මුස්ලිම් අන්තවාදීන්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කරන්නැයි ජාතික හෙළ උරුමය ඉල්ලා සීටී.
ඒ බව සඳහන් වන්නේ එම පක්‍ෂ මාධ්‍ය ලේකම් නිශාන්ත වර්ණසිංහ විසින් නිකතු් කර ඇති මාධ්‍ය නිවේදනයකය.
සම්පූර්ණ නිවේදනය මෙසේය.
පොසොන් පුන් පොහොය උදාවත් සමග ධර්මය දේශනා කිරීම සඳහා අඵත්ගම දර්ගා නගරයේ දී වාහනයකින් ගමන් කළ භික්‍ෂූන්වහන්සේ නමකට පාර හරස්කර  අඩම්තේට්ටම්   කර  පහර  දීම සම්බන්ධයෙන් මුස්ලිම්  අන්තවාදීන්ගේ කි‍්‍රයාකලාපය පිළිකුලෙන් යුතුව අපි හෙළා දකිමු. අනුබුදු මිහිඳු මාහිමියන් ලංකාවට වැඩම කොට බුදු සසුන ප‍්‍රතිෂ්ඨාපනය කළ දින මේ ආකාරයට අන්‍යාගමික මුස්ලිම් අන්තවාදීන්  කි‍්‍රයාකිරීමෙන් පෙනී යන්නේ මේ රටේ බුද්ධ ශාසනයටත් බෞද්ධ ශිෂ්ටාචාරයටත් කරන අභියෝගය සහ  ඔවුන්ගේ ඇති  නොකැමැත්තයි.  ශී‍්‍ර ලංකාවාසි   බෞද්ධ  ජනතාව සැදැහැසිතින් පොසොන් පුන් පොහෝ දිනය සමරන මෙවන් දිනක මෙවන් කි‍්‍රයාවක් කිරීමට මෙම මුස්ලිම් ජාතිකයන් නිර්භීත වූයේ කෙසේද? පැහැදිලිවම මොවුන් ආගමික සහජීවනය සහ බුදුදහම නොඉවසන අන්තවාදී පිරිසක් බව පැහැදිලිය. සාම්ප‍්‍රදායික මුස්ලිම් සමාජය තුලින් මෙවැන්නක් බලාපොරොත්තු නොවිය හැක.
එසේනම් මෙම සිද්ධියට සම්බන්ධ මෙම අන්තවාදීන් පිළිබඳව විධිමත් පරීක්‍ෂණයක්   පවත්වා මුස්ලිම් සමාජයේ  පැවැත්මට  ද  බාධාවක්   වී   ඇති              මෙම අන්තවාදීන් සොයා ඔවුන් අත්අඩංගුවට ගෙන රටින් පිටුවහල් කිරීමට කටයුතු කළ යුතුය. මුස්ලිම් අන්තවාදීන්ට උවමනා වී ඇත්තේ රට තුළ ආගමික ගැට`ඵවක් නිර්මාණය කර බෞද්ධ මුස්ලිම් කෝලාහාලයක් ඇතිකර රට ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියට පත්කර රට අසීරු තත්ත්වයකට පත්කිරීමටය. මුස්ලිම් අන්තවාදීන්ගේ එම කුමන්ත‍්‍රණයට හසු නොවී මුස්ලිම් අන්තවාදින්ගේ කි‍්‍රයාකලාපයන් පරාජය කිරීම සඳහා දුරදිග බලා   ප‍්‍රඥාවෙන් යුතුව කටයුතු කරන මෙන් සියලූ බෞද්ධ ජනතාවගෙන් ඉල්ලා සිටින අතර මුස්ලිම් සමාජය තුළ කි‍්‍රයාත්මක අන්තවාදයට එරෙහිව දැඩිව නීතිය කි‍්‍රයාත්මක කරන ලෙස වගකිව යුත්තන්ගෙන් අපි ඉල්ලා සිටිමු.
නිශාන්ත ශී‍්‍ර වර්ණසිංහ
මාධ්‍ය ලේකම්

No comments

Powered by Blogger.