බියගමින් ජංගම කුඩු
බියගම කැලණිය මාර්ගයේදී හයිබි්‍රඩ් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් හැටඅටකෝටි තිස්එක්ලක්ෂ හතළිස්පන්දහසක් වටිනා හෙරොයින් කිලෝ ග්‍රෑම් 85ක් සමඟ පපුද්ගලයන් දෙදෙනකු පොලිස් විශේෂ කාර්ය බළකායේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ඊයේ උදේ අත්අඩංගුවට ගන්නා ලදී.
පසුගිය වසරේදී හසුවූ රුපියල් කෝටි ගාණක්
වටිනා කුඩු කන්ටේනර් සිද්ධියෙන් පසු හසුවූ දෙවැනි විශාලතම මත්ද්‍රව්‍ය තොගය මෙය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේයෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවැසීය. මේ වාහනයේ කිලෝ 3 පාර්සල් 25ක්ද, කිලෝ 1 පාර්සල් 10ක්ද, කිලෝ භාගයේ පාර්සලයක් ද තිබී හසුවී ඇත.
වටිනා කුඩු කන්ටේනර් සිද්ධියෙන් පසු හසුවූ දෙවැනි විශාලතම මත්ද්‍රව්‍ය තොගය මෙය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේයෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවැසීය. මේ වාහනයේ කිලෝ 3 පාර්සල් 25ක්ද, කිලෝ 1 පාර්සල් 10ක්ද, කිලෝ භාගයේ පාර්සලයක් ද තිබී හසුවී ඇත.
පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශයට මාස තුනකට පෙර පෞද්ගලික ඔත්තුකරුවකුගෙන් ලැබුණ තොරතුරක් මත කරන ආවේක්ෂණ පරීක්ෂණවලින් පසුව මේ මත්කුඩු ජාවාරම හෙළිදරව් කරගෙන තිබේ.
ඊයේ උදේ පොලිස් විශේෂ කාර්ය බළකායේ සහකාර පොලිස් අධිකාරිවරයකු ඇතුළු නිලධාරීන් 40 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් නිල ඇඳුමින් සහ සිවිල් ඇඳුමින් සැරැසී බියගම කැලණිය මාර්ගයේ සෙවිල්ලෙන් සිටියදී ත්‍රිරෝද රථයක පැමිණි ද්‍රවිඩ ජාතිකයන් වන සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයකු ත්‍රිරෝද රථයෙන් බැස අතරමඟ නවතා තිබූ හයිබි්‍රඩ් මෝටර් රථයේ නැඟ ඉදිරියට ගමන් කරද්දී පොලිස් විශේෂ කාර්ය බළකාය එම මෝටර් රථය නවතා පරීක්ෂා කිරීමේදී මේ පාර්සල් කර තිබූ හෙරොයින් තොගය සොයා ගෙන තිබේ.
සැකකරුවන් දෙදෙනා සෙල්වෙදාරේ රවිකුමාර් සහ සෙල්වෙදාරේ සුන්දරරාජ් නමැති සහෝදරයන් දෙදෙනකු බව අනාවරණය වී තිබේ. ඔවුන් කොටහේන සහ මරදාන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.
මේ හෙරොයින් තොගය පිටුපස සිටින පුද්ගලයන් කවුරුන්ද යන්න ගැනත් ඒවා මෙරටට ගෙන ආ අන්දම සහ හයිබි්‍රඩ් රථයෙන් ගෙනයමින් සිටියේ කොතැනකටද, එම රථයේ හිමිකරුවන් කවුද යන්න ගැන පොලිස් විශේෂ කාර්ය බළකාය සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය පරීක්ෂණ පවත්වයි.
ඊයේ අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් දෙදෙනා සහ හෙරොයින් තොගය වැඩිදුර පරීක්ෂණ සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට භාර දී තිබේ.
මේ වැටලීම පිළිබඳ ඊයේ සවස මාධ්‍ය දැනුම්වත් කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ පැවැති මාධ්‍ය සාකච්ඡාවට එම බළකායේ වැඩ බලන අණදෙන නිලධාරි ජේයෂ්ඨ පොලිස් අධිකාරි රංජිත් පෙරේරා මහතාද සහභාගි විය.
No comments