හින්දට-රනිල්ට එරෙහිව ජවිපෙ සටනට
එළැඹෙන ජනපතිවරණයට ජනතා විමුක්ති පෙරමුණෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කරන බව එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික බිමල් රත්නායක මහතා පවසයි.
පැලවත්ත පක්ෂ කාර්යාලයේ ඊයේ (1දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඒ මහතා මේ බව අනාවරණය කෙළේය. ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරනුයේ පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතාදැයි ප්‍රශ්න කළ විට
ඉදිරිපත් කරන්නේ කවුරුන්ද යන්න ගැන මෙතෙක් පක්ෂය තීරණය කර නොමැති වුවත් දේශපාලන පක්ෂවලින් හා ජනතාවගෙන් අනුර කුමාර දිසානායක මහතා සුදුසු බව ප්‍රකාශ කරමින් යෝජනා ඉදිරිපත් වී ඇති බවද රත්නායක මහතා කීය.
ඉදිරිපත් කරන්නේ කවුරුන්ද යන්න ගැන මෙතෙක් පක්ෂය තීරණය කර නොමැති වුවත් දේශපාලන පක්ෂවලින් හා ජනතාවගෙන් අනුර කුමාර දිසානායක මහතා සුදුසු බව ප්‍රකාශ කරමින් යෝජනා ඉදිරිපත් වී ඇති බවද රත්නායක මහතා කීය.
ජනාධිපතිවරණයේදී කිසිසේත් පොදු විපක්ෂයට යෑමට අදහසක් නැතැයි කී ඒ මහතා එක්සත් ජාතික පක්ෂයේ කැඳ හැළියට නම් කිසිසේත් නොයන බව පවසමින් අවධාරණය කෙළේ තම පක්ෂය මුල සිටම විධායක ජනාධිපති ධුරයට විරුද්ධ නිසා එය අහෝසි කළ යුතුය යන ස්ථාවරයේ සිටි බවයි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර රටට, ජනතාවට වැඩක් කළ හැකි කෙනකු ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් එවැන්නකුට සහයෝගය ලබාදීමට සූදානම් බව බිමල් රත්නායක මහතා පැවැසීය.
සෑම විපක්ෂ පක්ෂයකම හා ආණ්ඩුවේ සිටින සමහර දේශපාලනඥයන්ද විධායක ජනාධිපති ධුරයට විරුද්ධ බැවින් ඔවුන් සමඟ එක්ව සාකච්ඡා කොට ඉදිරි පියවර තීරණය කරන බවද ඒ මහතා කීය.
එළැඹෙන ජනාධිපතිවරණයේදී හා මහ මැතිවරණයේදී උපරිම කැපවීමෙන් සහ අධිෂ්ඨානයෙන් රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යැවීමට කටයුතු කරන බවද ඒ මහතා පැවැසීය.
පාරිභෝගික අධිකාරිය කිරිපිටි මිල පහත දැමීමට නොහැකි බව පවසා ජනතාව නොමඟ යවන අතර ජනතාවට සංවේදී පාරිභෝගික අධිකාරියේ නිල වෙබ් අඩවිය 2012 වර්ෂයේ සිට ක්‍රියාත්මක වී නොමැති බව පැවැසූ ඒ මහතා දියර කිරි නිෂ්පාදන වැඩිදියුණු කිරීමට අතහිත ලබාදීම වෙනුවට සමාගම්වලට අවශ්‍ය විදියට මිල තීරණය කරන බවද කීය.
මේ වන විට රජයේ පෙත්තප්පු වී සිටින පොලිස් මාධ්‍ය ප්‍රකාශක අවම බලය නොව අවශ්‍ය බලය යැයි ප්‍රකාශ කරමින් අහිංසක සරසවි සිසුන්ගේ ඇස්වලට පහර දෙන දේශපාලනික අතකොළුවන් වී දේශපාලනය නීති ක්‍රියාත්මක කරන බවද කීය.
සැකකරුවන් ආයුධ පෙන්වීමට ගෙන ගොස් වෙඩි තැබීමකින් මියයෑම ඝාතන ලෙස හැඳින්වූ ඒ මහතා එම රඟපෑම මුළු රටම දන්නා බවත්, එය නතර කිරීමට අධිකරණය සහ පොලිසියේ බලධාරීන් පියවර ගත යුතු බවත් පැවැසීය.
එල්.ටී.ටී.ඊ.යටත් වඩා නිදහස් සන්ධානයේ සාමාජිකයන්ගෙන් පොලිසියට බලපෑම් අද එල්ල වෙමින් පවතින බවත්, එයට හොඳම උදාහරණය සෑම පොලිස් නිලධාරියකුටම පිස්තෝලයක් දීම බවත් රත්නායක මහතා කීය.
No comments