අත්සනෙන් පැවසෙන ඔබේ පෞර්ෂත්වය පිළිබද වූ වැදගත් තොරතුරු.
ඔබේ අත්සනට හැකියාව තිඛෙනවා ඔබේ පෞර්ෂත්වය පිලිබදව බොහොමයක් වැදගත් දේවල් පැවසීමට . අපි මේ ඔබට පහතින් පවසන තොරතුරු අනුව ඔබම තීරණය කරන්නේ ඔබේ අත්සන ඔබේ පෞර්ෂත්වය පිලිබදව පවන්නේ මොනවාද කියා.
1. ස්ථානය
කොලයක ඔබ අත්සන යොදන ස්ථානය මගින් ඔබේ පෞර්ෂත්වය පිලිබදව වැදගත් වූ තොරතුරු පවසනවා. ජීවිතයේ ඉදිරිය පිලිබදව සිතා වැඩකරන පුද්ගලයින් තම අත්සන යොදනු ලබන්නේ දකුණු අතට වෙන්නයි. ඔබ අත්සන යොදන්නේ කොලයක මැදට වෙන්න නම් එයින් පැවසෙන්නේ ඔබ ඔබේ වැදගත් කම පිලිබදව වඩාත් උවමනාවෙන් යුතුව අන් අයට පවසන කෙනෙක් බවයි. ඒවගේම ඔබ අත්සන යොදන්නේ කොලයක වම් පැත්තට වෙන්න නම් ඔබ අතීතයෙහි සිදු වුනු දේවල් පිලිබදව වැඩි වශයෙන් සිතන පුද්ගලයෙකු වෙනවා. ය්බා අරසඑසබටල ය්බා අරසඑැ කඪ
2. ප්‍රමාණය
ඔබේ අත්සනෙහි සහ අත් අකුරු වල ප්රමාණයන්ගෙන්ද ඔබ පිලිබදව බොහොමයක් වැදගත් වූ තොරතුරු ප්‍රකාශ වෙනවා. බියෙන් සැකෙන් වගේම පසුගාමීව ජීවත් වෙන පුද්ගලයින්ගේ අත් අකුරු සහ අත්සන් කුඩා අකුරු වලින් යුක්ත වෙනවා. සාමාන්‍ය ප්‍රමාණයන්ගෙන් යුතුව අකුරු ලියන සහ අත්සන් යොදන පුද්ගලයින්ගේ චරිතයන් අනුවර්ථනීය ගුණයෙන් යුතු හොදින් තම ජීවිතය සකසා ගත් පුද්ගලයින් වෙනවා. සාමාන්‍යයෙන් විශාලව අකුරු ලියන සහ අත්සන් යොදන පුද්ගලයින් කෙලින් කතා කරන බොහොම සුහද ශීලී පුද්ගලයින්. ය්බා අරසඑැ
3. විසිතුරු බව.
වැඩි දෙනෙක් තම අත්සන විසිතුරු බැවින් යුතුව වඩාත් අලංකාරවත්ව යෙදීමට ක්‍රියා කරනවා. මෙලෙස විසිතුරු අයුරින් තම අත්සන යොදන පුද්ගලයාගේ පෞර්ෂත්වය පිලිබදව වැදගත් තොරතුරු රාශියක් එම අත්සන මගින් කියවෙනවා. සමහර දෙනෙක් අත්සන යටින් ඉරක් ඇදීමට ක්‍රියා කරනවා. එවැනි පුද්ගලයින් තම ඉහල තත්වය සහ වැදගත්කම පිලිබදව ප්‍රකාශ කිරීමට වැඩි කැමැත්තක් දක්වන පුද්ගලයින්. ඒවගේම සමහරෙක් අත්සන වටේට රවුමක් ඇදීමද සිදු කරනවා. එයින් ප්‍රකාශ වෙනවා ආරක්ෂිතව සිටීම සදහා ඔහුගේ තිඛෙන දැඩි ආශාව. ිසටබ්එමරු ිඑහකැ
4. පහසුවෙන් කියවිය හැකි බව.
වැඩි අහංකාර ගතියකින් යුතු පුදගලයින් ඔවුන්ගේ අත්සන යොදන්නේ කියවීමට ඉතාමත් අපහසු ආකාරයටයි. ඔවුන් වැඩි වෙලාවක් අන් අයට කියවිය හැකි ලෙස අකුරු ලිවීමට සහ අත්සන යෙදීමට වැය කිරීමට කැමැත්තක් දක්වන්නේ නැහැ. පහසුවෙන් කියවීමට හැකි ලෙස අත්සන යොදන පුද්ගලයා ඉතාමත් අවංක භාවයකින් යුතු විවුර්ත පෞර්ෂත්වයකින් හෙබි තම ජීවිතය පිලිබදව සෑහීමකට පත්වෙන පුද්ගලයෙක් වෙනවා. එවැනි පුද්ගලයින් තමා අවට සිටින පුද්ගලයින්ගෙන් කිසිවක් වසන් කිරීමට උත්සහ කරන්නේ නැහැ. ්ප්zසබට ිසටබ්එමරු
5. තෙරපීම
වඩාත් තද කර වැඩි පීඩනයක් යොදා අත්සන් යොදන පුද්ගලයින් ජීවිතය පිලිබදව සරලව නොසිතන බරපතලව සිතන පුද්ගලයින් බව මතක තබා ගන්න. එවැනි පුද්ගලයින් ඔවුන්ගේ ඉලක්කයන් සපුරා ගැනීම සදහා වෙහෙසී වැඩ කරන පුද්ගලයින් වෙනවා. ඒවගේම ඔබ අත්සන යොදන්නේ වැඩි පීඩනයකින් තොරව සැහැල්ලු විදියට නම් ඔබ බොහොම සංවේදී පහසුවෙන් අනතුරට භාජනය විය හැකි තරමේ පෞර්ශත්වයකින් යුතු කෙනෙක් වෙනවා.
මිතුරන්ටත් බලන්න SHARE කරන්න. - පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.
(nodutu-lokaya.blogspot.com)
No comments