මොනිකා ජනාධිපති සමග තිබූ සම්බන්ධය හෙලි කරයි
ජනාධිපතිවරයෙක් සමග ඇයි හොඳයි කම් කියන්නට ඕනෑම අයෙකුට ඇත්තේ පුදුමාකාර උවමනාවකි. සාමාන්‍ය අයෙකුට ජනාධිපතිවරයා හා සම්බන්ධවන්නට අවස්ථාවක් නොලැබුනත් සුවිශේෂී අයෙකුට අනිවාර්යයයෙන්ම ඔහු සමග සබඳකම් පැවැත්වීමට පුළුවන. ආකර්ශණීය ගැහැනියකට
ලොව බලවත්ම නායකයා වුව තමා අභියසට කැඳවිය හැකියි.
ලොව බලවත්ම නායකයා වුව තමා අභියසට කැඳවිය හැකියි.
ලොව බලවත්ම ජනාධිපතිවරයෙක් වූ බිල් ක්ලින්ටන් සමග සබඳකම් පවත්වා ලොව ඉමහත් ආන්දෝලනයක් ඇති කරන ලද සුරූපිණිය වූ මොනිකා ෂමිලී ලෙවන්ස්කී බිල් ක්ලින්ටන් ජනාධිපතිවරයා හා තමා අතර වූ සම්බන්ධය පිළිබඳව සත්‍ය ලියන්නට සූදානමින් සිටී. ඇය මෙම සම්බන්ධය පිළිබඳව ලියන්නේ වැනිටි ෆෙයාර් නම් වූ සගරාවකටය.
‘දැන් කාලය පැමිණ තිබෙනවා හිස්වැස්ම ගිනි තියන්නටත්, නිල්පාට ගවුම වළ දමන්නටත්’ මොනිකා එසේ පවසා තිබුන අතර ඇය සිය අදහස් දක්වමින් පවසා ඇත්තේ ‘මම ඇත්තටම මගේ ගැන පසු තැවෙනවා ක්ලින්ටන් සහ මා අතර මොකද වුනේ කියලා. මම පසුතැවෙනවා මොකද වුනේ කියලා’
වසර 10ක නිහැඩියාවකින් පසු මොනිකා සිය සම්බන්ධය පිළිබඳව ප්‍රථම වතාවට සිදුවූ දේ පිළිබඳව ලියන්නට සූදානමින් සිටී. මේ වනවිට මොනිකා ට වයස අවුරුදු 40කි. මොනිකා එංගලන්තයේ සමාජ විද්‍යාව සහ මනෝවිද්‍යාව ඇතුළු විවිධ විෂයන් පිළිබඳව විශේෂවේදිී උපාධියක් ලද්දියක් වන අතර ,මොනිකා විලාසිතා නිර්මාණ ශිල්පිණියක් සහ ටෙලිවිෂන් වැඩ සටහන් ඉදිරිපත් කරන්නියක් ලෙසද ජනප්‍රියය.
මොනිකා මෙලෙස සිය සත්‍ය තත්ත්වය පිළිබඳව ලොවට කියන්නට තීරණය කර ඇත්තේ සුවිශේෂී කාරණා කිහිපයක් නිසාවෙනි. මේ සුවිශේෂී කාරණා අතර ‘ලොව මෙවන් සබඳතාවන් පවත්වා නින්දා, අපහාස, අවමන් නිසා ඇතිවන මානසික පීඩාව, කළකිරීම හේතුවෙන් සියදිවි නසාගන්නා හෝ තම ජීවිතය නැති කරගන්නට සිතනා අයට, ජීවිතය අවුල් කරගන්නා බොහෝ දෙනෙකුට ඒ තත්ත්ත්වයෙන් මිදී ඒ අඳුරින් එළියට එන්නට මානසික උත්තේජනයක් ඇති කරලීම’ පිණිස බව ඇය ප්‍රකාශ කරයි.
ඇය මේ කතාව ප්‍රසිද්ධ කිරීම තුළින් ඇය සිය අවසන් පරමාර්ථය කරගන්නේ’ අන්තර්ජාලයෙන් අපහසා කරන, නින්දා කරණ, අවමන් කරන මෙන්ම අතවර කරන අයගේත්, ප්‍රසිද්ධියේ මේ මාතෘකාව කතාකරන කණ්ඩායම්වලත් ගොඳුරක්, බිල්ලක් නොවී මෙය තමා විසින්ම ප්‍රකාශ කිරීම යි.
ඇය මෙෙසේද පවසයි. ‘මම තමයි පළමු පුද්ගලයා අන්තර්ජාලයෙන් මේ තරම් අපහාස නින්දා අවමන් ලැබූ’ . මෙයට පිලිතරුක් ලෙස තමයි ඇය විසින්ම මේ ආකාරයෙන් තමා හා ක්ලින්ටන් අතර වූ සම්බන්ධය පිළිබඳව සත්‍ය පවසන්නට ඇය සූදානම් වන්නෙ.
බිල් ක්ලින්ටන් යනු අමෙරිකාවේ 42 වෙනි ජනාධිපතිවරයා වන අතර ඔහු ජනාධිපති වූයේ වයස අවුරුදු 46දිය. ඔහු එරට ජනාධිපති බවට පත්වූ ලාබාලම තෙවෙනි ජනාධිපතිවරයා ද විය.ක්ලින්ටන් 1993 සිට 2001 දක්වා එරට ජනාධිපතිීත්වය දැරීය.
ලොව බලවත්ම නායකයෙකුව සිටි ක්ලින්ටන් මොනිකා සමග තිබූ සම්බන්ධතාව හෙළි කිරීමෙන් හෙළි වීමෙන් පසු මොනිකා ෂමිලී ලොවෙන්ස්කිව නාඳුනන කිසිවකු හෝ ලවා ඝාතනය නොකිරීමට වගබලාගෙන තිබීම කොතරම් ආශ්චර්යයක්ද.
මිතුරන්ටත්බලන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.
No comments