තාත්තයි පුතයි එකතු වෙලා 14 දැරියකට අතවර කරලා…
බාල වයස්‌කාර දැරියකට අතවර කළ තරුණයකු හා ඔහුගේ පියා ජාතික ළමාරක්‌ෂක අධිකාරියේ පොලිස් කණ්‌ඩායමක් ඊයේ (2 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.
බළපිටිය පදිංචි මෙම දැරියට අවුරුදු 14 දී සැකකාර තරුණයා මුලින්ම අතවර කර ඇතැයි හෙළි වී තිබේ. පසුව මොහු
ව්‍යාජ උප්පැන්න සහතික සාදා දැරිය විවාහ කරගෙන මහනුවර සිය නිවසට රැගෙන ගොස් ඇත.පසුව තරුණයාගේ පියා සිය පුත්‍රයා නිවසින් පන්නා දමා දැරිය සමග වසර 3 ක කාලයක් අඹුසැමියන් ලෙස හැසිරී ඇති බව පොලිසිය හෙළිකර ගෙන තිබේ. මරණ තර්ජනය කර බිය කරමින් මෙම පියා දැරියට අතවර කර ඇතැයි හෙළි වී ඇත.
අතවර ඉවසනු නොහැකිව නිවසින් පැන ආ 17 හැවිරිදි දැරිය සිය පියාට දුරකථන ඇමැතුමක් ලබා දෙමින් සිදුවූ අතවර දන්වා තිබේ. ඒ අනුව පියා ජාතික ළමාරක්‌ෂණ අධිකාරියට කළ පැමිණිල්ලකට අනුව 48 හැවිරිදි සැකකාර පියා හා 22 හැවිරිදි පුත්‍රයා අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සෙනරත් හඳුන්ගහවත්ත මහතාගේ හා ජාතික ළමාරක්‌ෂක අධිකාරියේ අධ්‍යක්‍ෂිකා නීතිඥ අනෝමා දිසානායක මහත්මියගේ අධීක්‌ෂණය මත ස්‌ථානාධිපති පොලිස් පරීක්‌ෂක බී. ඩබ්ලිව්. බෝවිටිගොඩ මහතාගේ උපදෙස් මත සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
මිතුරන්ටත්බලන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.
No comments