ඉරානයේ හිටපු ජනපති අක්බර් හෂෙමි රෆ්සන්ජානි මියයයි
ඉරානයේ හිටපු ජනාධිපති අක්බර් හෂෙමි රෆ්සන්ජානි අභාවප්‍රාප්ත වී තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මිය ගිය බව ය.
1980 වසරේ සිට ඉරාන දේශපාලනයේ ප්‍රබල චරිතයක් වූ හිටපු ජනාධිපතිවරයා මිය යන විට 82 වන වියේ පසුවිය.
විදෙස් වාර්තාවන්හි දැක්වෙන්නේ, 1989 වසරේ සිට 1997 දක්වා කාලය තුළ ඉරානයේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ ඔහු හෘද රෝගී තත්ත්වයකි පෙළුණු බව ය.
1979 වසරේ එරට විප්ලවයේ ප්‍රබල චරිතයක් වූ හෂෙමි පසුව මධ්‍යස්ථ මතධාරියෙකු බවට පත් විය.
ඉරානයේ උත්තරීතර නායක ලෙස සැලකෙන අයතුල්ලා කමේනි සහ අක්බර් හෂෙමි වෙනස් මත දැරූවන් වූවද අරගලය තුළදී ඔවුහු එක්ව කටයුතු කළහ.
හිටපු ජනාධිපතිවරයාගේ අභාවය හේතුවෙන් ඉරානයේ තෙදින ශෝක කාලයක් ප්‍රකාශයට පත් තිබේ.
No comments