සඳ මත පා තැබූ අවසන් මිනිසාගේ නික්ම යාම
සඳ මත පා තැබූ අවසන් මිනිසා ලෙස විරුධාවලිය ලත් ඉයුජින් සර්නන් (Eugene Cernan) අවුරුදු 82ක් ආයු වළඳා අභාවප්‍රාප්ත වී තිබේ.
ඇමෙරිකානු නාසා ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ විශ්‍රාමික ගගනගාමියාගේ සමුගැනීම ඇසීමෙන් තමන් දැඩි සංවේගයට පත්වූ බව යි.
කපිතාන් සර්නන් යනු සඳ මතට දෙවරක් පා තිබූ පුද්ගලයන් තිදෙනාගෙන් කෙනෙකු වන අතර, වර්ෂ 1972 දී සඳ මත සිය පා සටහන් තබමින් ඉන් නික්මුණු අවසන් මිනිසා ලෙස ඔහු ඉතිහාසයට එක්විය.
එවකට අපලෝ 17 මෙහෙයුමේ අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළ සර්නන් සඳ මත පා තැබීමට පෙර වර්ෂ 1966 දී සහ 1969 දී දෙවරක් අභ්‍යවකාශ තරණයන්ද සිදුකර තිබුණි.
වර්ෂ 1963 දී නාසා ගගනගාමියෙකු ලෙස එහි තෙවැනි කණ්ඩායමට තේරීපත් වූ සර්නන්, වර්ෂ 1976 දී සිය වෘත්තීය ගගනගාමී දිවියට සමුදී ව්‍යාපාරික කටයුතුවල නිරතවෙමින් සිටියේය.
සර්නන් වර්ෂ 1934 මාර්තු 14 වැනිදා චිකාගෝ හිදී උපත ලැබීය.
ඔහු අවසන් වශයෙන් සඳමත පා තැබූ ඇපලෝ 17 මෙහෙයුම පහත වීඩියෝවෙන් නරඹන්න



No comments