මැතිව්ස් ආපසු ගෙදර එයි.
දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙන විස්සයි:20 තරගාවලිය අතර මැදදී ආපසු සියරට පැමිණීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් අවසර ඉල්ලා තිබේ. ඔහුගේ ආබාධ තත්ත්වය සහ පෞද්ගලික අවශ්‍යතාද සලකා බැලූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකා නායකයාගේ ඉල්ලීම අනුමත කර තිබේ.
දකුණු අප්‍රිකාවට එරෙහිව ඉරිදා (23 වැනිදා) පැවැති දෙවැනි විස්සයි:20 තරගයේදී නොදැවී ලකුණු 54 ක් ලබාගනිමින් ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය වෙත කැඳවාගෙන ගිය ඇන්ජලෝ මැතිව්ස් තරගයේ වීරයා සම්මානයද දිනාගත්තේය. එසේ වුවත් පන්දුවට පහර දෙමින් සිටියදී පාදයේ කළව පසුපස ආබාධයකට ලක්වූ මැතිව්ස් එතැන් සිට පන්දුවට පහර දුන්නේ ඉතා අසීරුවෙනි.
ක්‍රිකට් ආයතනයේ ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇති පරිදි ඇන්ජලෝ මැතිව්ස්ට තවත් සති දෙකක හෝ තුනක පමණ කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටීමට සිදුවේ.
මේ අතර මැතිව්ස්ගේ බිරිඳ සිය කුළුඳුල් දරු ප්‍රසූතියට සූදානමින් සිටින්නීය. මැතිව්ස් ආපසු සියරට පැමිණීමට අවසර ඉල්ලා ඇත්තේ එම අවස්ථාවේදී සිය බිරිඳ සමග සිටීමේ අරමුණද ඇතිවය. තරගාවලිය අතර මැදදී සියරට පැමිණීමේ අවසරය මැතිව්ස් දකුණු අප්‍රිකාව බලා පිටත්ව යාමට පෙරම කළ ඉල්ලීමකි.
මැතිව්ස් කණ්ඩායමේ නොමැති වීම හේතුවෙන් ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර හෙට (25 වැනිදා) පැවැත්වෙන තරගයේදී දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා පිල මෙහෙයවීමට නියමිතය.
ශ්‍රී ලංකා විස්සයි:20 කණ්ඩායමේ සිටි තවත් ක්‍රීඩකයන් දෙදෙනකු වන නුවන් ප්‍රදීප් සහ ධනුෂ්ක ගුණතිලක දෙදෙනාත් නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. ඔවුන් දෙදෙනාම තුවාල ලබා සිටින අතර දෙදෙනාටම සති කිහිපයක විවේකය අවශ්‍ය බව වෛද්‍ය මතය වී තිබේ.
මිතුරන්ටත් බලන්න ශෙයා කරන්න.
උණුසුම් පුවත් ඉක්මනින් බලන්න අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න.
මිතුරන්ටත් බලන්න ශෙයා කරන්න.
උණුසුම් පුවත් ඉක්මනින් බලන්න අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න.
No comments