Header Ads

සභාපතිගෙ අනියම් ඒවා බිරියට ලියුවයි යූනියන් ලීඩර්ට තඩිබාලා (හඬපටය)


Exclusive - තම බිරියට පෙත්සමක් යැවූ බව කියමින් කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ සභාපති විජේරත්න දේවගෙදර මහතා ජාතික සේවක සංගමයේ සභාපති ඩබ්ලිව්.වී.එස්. සූරසිංහ මහතාව සිය කාර්යාල කාමරයට ගෙන්වාගෙන සෙසු උසස් නිලධාරීන් ඉදිරියේ පහරදී තිබේ.

මේ පහරදීම වූ අවස්ථාවේ සිදුවූ සිද්ධිය සම්බන්ධ හඬපටයක් අපවෙත ලැබී තිබේ. ඊට පහතින් සවන්දිය හැකිය.
මේ පහරදීම වූ අවස්ථාවේ සිදුවූ සිද්ධිය සම්බන්ධ හඬපටයක් අපවෙත ලැබී තිබේ. ඊට පහතින් සවන්දිය හැකිය.
මේ සම්බන්ධයෙන් සූරසිංහ මහතා තලංගම පොලිසියට පසුගිය 17 වැනිදා පැමිණිලි කර ඇත. (පැමිණිලි ලදුපත පහත දැක්වේ)
ඒ මහතා මේ සිද්ධිය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ සිරිකොත මූලස්ථානයටද පැමිණිලි කර ඇතැයි වාර්තා වේ.
සූරසිංහ මහතා, වසර 25ක් රාජ්‍ය සේවකයකු ලෙස කටයුතු කර ඇති අයෙක් වන අතර ඔහු තවත් වසර එකහමාරක කාලයකින් විශ්‍රාමයාමට නියමිත බවද වාර්තා වේ.
දේවගෙදර උද්‍යාන පාලිකාව ලේකම් කරන් ?
දේවගෙදර මහතා උද්‍යාන පාලිකාවක් ලෙස සේවයට බඳවාගත් තරුණියක් සිය ලේකම්වරිය ලෙස සේවයේ යොදවා ගැනීම සම්බන්ධයෙන් කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ වෘත්තීය සමිතිවලින් චෝදනා එල්ලව තිබූ බවද මේ අතර වාර්තා වේ.
HR මැනේජර්ගේ පත්වීම් අවුල
කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ මානව සම්පත් කළමනාකරු ලෙස සේවය කරනු ලබන හර්ෂන් ද සිල්වා නැමැත්තාට සේවක සංයුතියක් නොමැතිව තනතුරක්දීම, ව්‍යාජ සහතික ඉදිරිපත් කිරීම හා සේවක සංයුතියක් නොමැති උසස්වීම් සම්බන්ධයෙන් ජාතික සේවක සංගමයේ සභාපති ඩබ්ලිව්.වී.එස්. සූරසිංහ පසුගිය කාලයේදී සභාපතිවරයාට පැමිණිලිකර ඇත.
කෙසේවුද, සභාපති දේවගෙදර ඒ සම්බන්ධයෙන් කිසිදු තැකීමක් නොකොට හර්ෂාන්ගේ වැරදි වසාගෙන දිගින් දිගටම කටයුතු කර ඇති බව එම අධිකාරියේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
හර්ෂන්ගෙන්, දේවගෙදරට ඔහුට අවශ්‍ය අයගේ තනතුරු පත්වීම් වෙනස් කිරීමට හා ඔවුන්ට වරප්‍රසාද ලබාදීම් ආදිය සිදුකර ගැනීමට හැකිවීම නිසා සභාපතිවරයා හර්ෂව ආරක්ෂා කළ බව වාර්තා වේ.
හර්ෂන් ද සිල්වා ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ උපසභාපතිවරයා ද වේ.

Sri Lanka Mirror

No comments

Powered by Blogger.