Header Ads

පිරිමි ගැහැණුන්ගෙන් බලාපොරොත්තු වෙන අමුතුම දේවල්

ඉක්මනින් ලෑස්ති වෙන්නත් ඕනේ, ලස්සනට ඉන්නත් ඕනේ

ඉක්මනින් ලෑස්ති වෙන්න ගෑනු ළමයි කියන්නේ ක්ෂණික නූඩල්ස් නෙවෙයි. ගමනක් එක්ක යනකොට, පිරිමි ළමයට ‘ලැජ්ජා හිතෙන්නේ’ නැති වෙන්න ටිකක් පිළිවෙලට ඉන්නත් ඕනේ, හැබැයි ඉක්මනට ලෑස්ති වෙන්නත් ඕනේ.. ටිකක් අසාධාරණයි නේද? කරන්න දෙයක් නැහැ, ගමනක් යනකොට ඉක්මනින් සූදානම් වෙනවා කියන්නේ පිරිමි සහ ගැහැණු අතර පවතින සදාතනික සටනක්

slim, හැබැයි skinny වෙන්න බෑ ටිකක් curvy, ඒත් මහත් වෙන්නත් බෑ

Slim වෙන්නත් ඕනේ, හැබැයි skinny වෙන්නත් බැහැ, curvy වෙන්නත් ඕනේ, හැබැයි chubby වෙන්නත් බැහැ! ගොඩක් වෙලාවට පිරිමි ළමයි හොයන විදියේ හැඩරුව තියෙන්නේ ඉතින් කාන්තාවන්ගේ ලෝක ජනගහනයෙන් සියයට දශම ගණනකට විතරයි වෙන්න පුළුවන් නිරෝගී සිරුරක් පවත්වාගන්න මිසක්, මේ කියන විදියට ඉන්න හැටි ගැන නම් වැඩිය වද වෙන්න අවශ්‍ය නැහැ

අනිත් පිරිමි යාළුවන්ගේ ආශ්‍රය ගැන

“මේ, මම නම් අර අරයට වැඩිය කැමති නැහැ” මෙන්න මේ වගේ දේවල් ඕනෑ තරම් ගෑනු ළමයින්ට අහන්න ලැබිලා ඇති! සමහරවිට මේ කියන කාරණාවේ යම් ඇත්තක් තියෙන අවස්ථා තිබුනත්, නිවසේ කාර්යාලයේ හෝ එදිනෙදා කටයුතු අවුල් වෙන තරමටම මේ යෝජනාව/චෝදනාව දුර දිග යන්නත් බැරි නැහැ. වටේ පිටේ ලඟින් ඇසුරු කරන අය ගැන හොඳ ඉවක් තමන්ටත් තියෙන බව ක්‍රියාවෙන්ම පෙන්නන්න ගැහැණු ළමයෙකුට පුළුවන් වෙන්න ඕනේ.. කොහොම වෙතත් සමීප පිරිමි මිතුරන් ඉන්න එක, එකට වැඩ කරන එක වගේම ගමන් බිමන්වල යෙදෙන්න වෙන එක තමන්ගේ පිරිමි ළමයාට පුංචි ඊරිසියාවක් ගෙන දෙන කටයුත්තක් වෙන්න ඉඩකඩක් තියෙනවා. සමහරවිට මේ වගේ ඉල්ලීම්, අන්න එහෙම තත්ත්වයක ප්‍රතිඵල වෙන්නත් බැරි නැහැ නමුත්, අවදානමට පෙර සූදානමත් නරක දෙයක් නෙවෙයි

පිරිමි අයගේ හිත කියවන්නත් සිද්ධ වෙනවා

“ගෑනු කවදද හිතන දේ කිව්වේ”, මෙහෙම කියන්නේ පිරිමි.. හැබැයි ටිකක් හිතන්න, පිරිමි අය කවදාවත් කැමති නෑ තමන් ඉන්නේ දුර්වල මොහොතක, එහෙමත් නැත්තම් ප්‍රශ්නයක් මැද්දේ කියලා පිටතට පෙන්නන්න. එහෙමත් නැත්තම් තමන් මේ මොහොතේ පත්වෙලා ඉන්න ගැටලුවක් ගැන කෙළින් විස්තර කතා කරන්න පටන් ගන්න මේ අය කැමති නැහැ! හැබැයි, තමන් ඉන්නේ ප්‍රශ්නෙක කියලා ගැහැණු ළමයට කියන්නත් මේ අයට ඕනේ, ඉතින් මේ වෙලාවට කරන්න තියෙන්නේ වහාම සිත් කියවීමේ පාඨමාලාවක් හදාරන එක තමයි, වෙන මොනවා කරන්නද “පිරිමි කවදද හිතේ තියෙන දේ කිව්වේ”

වැඩිය කෝල් කරන්න බෑ, හැබැයි අඩු වෙන්නත් බෑ

කෙල්ල මුළු දවසෙම, නිතර දෙවේලේ කෝල් කරනවා නම්, ඒ අතරට මුළු දවසෙම මැසේජ් කරනවා නම්, කොල්ලෙක්ට මේක අතිශයින්ම භයානක අත්දැකීමක්! නමුත් දවසේ කෝල් කරන, මැසේජ් කරන වාර ගණන අඩුයි නම්, කොල්ලා මේක බාරගන්නේ තමන් ගැන වැඩිය හොයන්නේ බලන්නේ නැහැ කියන මිම්මෙන්.. ඉතිං ඔන්න ඔය තත්ත්ව දෙක අතරේ හරියටම හරියන තැන හොයා ගන්න ඉතින් දන්නේ දෙයියොම තමයි

No comments

Powered by Blogger.