කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකුණා දැමීමට එරෙහිව වීදි බසිනවා – ජවිපෙ
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකුණා දැමීමට එරෙහිව පෙබරවාරි පළමු වැනිදා කොළඹදී දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පවත්වන බවත් එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (23දා) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
වර්තමාන ආණ්ඩුවේ රාජ්‍ය දේපළ විකිණීමේ එක් මධ්‍යස්ථානයක් ලෙස මෙම පර්යන්තය පත්ව තිබෙන බවද ජනතා විමුක්ති පෙරමුණ පෙන්වා දෙයි.
හම්බන්තොට වරාය හා හම්බන්තොට ඉඩම් විකුණා දැමීම නිසා එය තාවකාලිකව නවතා දැමීමට ආණ්ඩුවට සිදුව තිබෙන බවද එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.
මේ නිසා ලංකාවේ ගැඹුරුතම හා විශාලම පර්යන්තය වන නැගෙනහිර පර්යන්තය විකුණා දැමීමට සැලසුම්කර තිබෙන බවත්, එය පරාජය කිරීමටම පියවර ගන්නා බවද එම පෙරමුණ සඳහන් කර සිටියේය..
මිතුරන්ටත් බලන්න ශෙයා කරන්න.
No comments