ජනපති කම්පා කළ පුවතක් පුවත්පතක මුල් පිටුවේ.
යූරෝපා සංගමය ජී.එස්.පී. ප්ලස් සහනය ශ‍්‍රී ලංකාවට නැවත ලබාදීමට තීරණය කිරීමත් සමග රජයට ලැබෙන කීර්තිය හා ගෞරවය වැළැක්වීමට ඇතැමුන් අශීලාචාර ලෙස කටයුතු කරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ සති අන්ත පුවත්පතක පළ වූ මාධ්‍ය වාර්තාවක් ද පදනම් කරගනිමින්. ඒ, ගාල්ලේ පැවති ආගමික සංහිඳියාව තහවුරු කිරීමේ වැඩසටහනට එක්වෙමින්.
එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ “ජී.එස්.පී. ප්ලස් සහනය ප්‍රකාශයට පත් කරාට පස්සෙ පත්තරයක තියෙනවා.. යුරෝපා සංගමය ජී.එස්.පී. ප්ලස් සහනය ලංකාවට ලබා දුන්නේ මේ රටේ ෆෙඩරල් ක්‍රමයක් ඇති කිරීම සඳහා වූ පොරොන්දුවක් මත කියලා. මේ ආකාරයට මාධ්‍ය නිදහස භාවිතා කිරීම ගැන මම කම්පාවට පත් වෙනවා. ප්‍රවෘත්තියක් පළ කරන විට රටක් යහමග යවන්න ඕනේ. සමාජයට සත්‍ය දෙන්න ඕනේ. නමුත් ඒ සහනය ලැබිච්ච කමන් එයින් රජයට වෙන කීර්තිය ගෞරවය වලක්වන්න මේ විදිහේ පුවත්පතක මුල් පිටුවේ පළ කරන්නට තරම් මේ රටේ මාධ්‍ය අශීලාචාර වෙලා.” යනුවෙනි.
ලෝකයේ පිළිගත් ප‍්‍රබුද්ධ රාජ්‍යයක් ලෙස ශ‍්‍රී ලංකාව ලෝකය හමුවට ගෙනයාම අරමුණ බවයි ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේ.
ශ‍්‍රී ලංකාවේ සිදු කෙරෙන විදෙස් ආයෝජන සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා මෙහිදී අදහස් පළ කළා. මාතෘභූමියේ වටිනාකම මැනවින් හඳුනාගත් රජයක් ලෙස භූමියේ සුරක්ෂිතතාවය හා පෝෂණය වෙනුවෙන් රජය නිරන්තරයෙන් කැපවී සිටින බවයි මෙහිදී අවධාරණය කෙරුණේ.
මිතුරන් සමඟ බෙදාගන්න.
මිතුරන් සමඟ බෙදාගන්න.
No comments