Header Ads

ලංකාවේ ඉතිහාසය අළුතින් ලියන්නට සිදුවෙයිද?


පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් විල්පත්තු වනෝද්‍යානයේ සිදුකළ ගවේෂණයකින් පුරාවිද්‍යා ස්මාරක 32ක් සොයාගෙන තිබේ.
කුදිරමලය ප්‍රාග් ඓතිහාසික ශිලා මෙවලම් හා පැරැණි ගොඩනැඟිලි සාධක, කොල්ලන් කනත්ත, වැලිවෙහෙර, සුරුවම් ඇළ නටබුන්, පුක්කුලම, පට්ටිඑළිය, ගල්ගේ විහාරය ඒ අතර කැපී පෙනේ.
සුරුවම්ඇළ නටබුන් ප්‍රදේශයෙන් අනුරාධපුර යුගයට අයත් පිළිමගෙයක නෂ්ටාවශේෂද හිඳි බුදු පිළිමයක්ද හමුවී ඇත.
කුදිරමලේ ආශ්‍රිතව පොළොන්නරු යුගයට අයත් හින්දු මූර්තියක්ද ගල්ගේ විහාරය ආශි්‍රත ප්‍රදේශයෙන් ක්‍රි.ව. පළමු සියවසට අයත් ශිලා ලිපියක් සහිත කටාරම් ලෙන් 5ක්ද සොයාගෙන ඇත.
වැලි වෙහෙර නටබුන් අතර ක්‍රි.ව. පළමු සියවසට අයත් දාගැබක් සහිත ආරාම සංකීර්ණයක්ද පට්ටිඑළියෙන් ක්‍රි.ව. 9-10 සියවසට අයත් ටැම් ලිපියක් හමුවීමද සුවිශේෂය. කාලි විල්ලුව අසල කුවේණි පැලස් යනුවෙන් හැඳින්වෙන නටබුන් අතරේ උපෝසථඝරයක් සහිත අනුරාධපුර යුගයේ පිළිම ගෙයක් හමුව ඇත.

No comments

Powered by Blogger.