පුස් විශේෂයක් ව්‍යාප්ත වීම හේතුවෙන් සීගිරිය කැටපත් පවුරට හානි
පුස් විශේෂයක් ව්‍යාප්ත වීම හේතුවෙන් සීගිරිය කැටපත් පවුරට බලපෑම් එල්ල වී තිබේ.
මෙම පුස්, කැටපත් පවුරේ ස්ථාන කිහිපයක පැතිරී ඇති අතර ඒ හේතුවෙන් ඒ මත ලියා ඇති කුරුටු ගී නොපෙනී යන තත්ත්වයක් ද උද්ගතවී ඇත.
මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා සඳහන් කළේ, එම පුස් ඉවත් කිරීම අද ආරම්භ කරන බව ය.
කැලණිය විශ්වවිද්‍යාලයේ හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහය ද වැඩපිළිවෙළට හිමිව ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.
මහාචාර්යවරයා ප්‍රකාශ කළේ, සීගිරියේ චිත්‍ර පවතින පරිශ්‍රයේ ගුහා කිහියක ද පුස් විශේෂයක් ව්‍යාප්තව ඇති බව ය.
ඒවා ඉවත් කිරීම ද මීට සමගාමීව සිදු කෙරෙන බව ඔහු ප්‍රකාශ කළේ ය.

No comments