Header Ads

තුර්කි ගුවන්යානයක් ගෙවල් මතට වැටිලා!

තුර්කි ගුවන් සේවයට අයත් බඩු ගුවන්යානයක් කිරිගිස්තානයේ දී කඩාවැටීම හේතුවෙන් පුද්ගලයන් 20 දෙනෙකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ.
බොයිං 747 වර්ගයට අයත් මෙම ගුවන්යානය හොංකොං සිට මනාස් නගරය ඔස්සේ ඉස්තානුබුල් දක්වා ගමන් කරමින් සිටියදී මනාස් ගුවන්තොටුපල ආසන්නව පිහිටි නිවෙස් මතට කඩා වැටි ඇති බවත්, මියගිය පුද්ගලයන් අතර ළමුන්ද සිටින බවත් විදෙස් වාර්තා වල දැක්වේ.
මෙම අනතුර සිදුවූ අවස්ථාවේ දී දැඩි මීදුමක් පැවති නමුත් අනතුර සිදුවීමට හේතුව මේ දක්වා ප්‍රකාශයට පත්ව නොමැත.

No comments

Powered by Blogger.