Header Ads

ශශී මහින්දගෙන් ලුණු ඇඹුලින් අහගෙන.


















ශෂීගෙන් ඉල්ලීමක් කල මහින්ද කිව්වේ බත්තරමුල්ල නෙලුම් මාවතේ පිහිටි ඒකාබද්ද විපක්ෂ කාර්යාලයට දරු දෙදෙනා සමග පැමිණ මාධ්‍ය හමුවක් පවත් වන්න කියාය. ශෂී කිසි ලෙසවත් කැමති වුයේ නැත.කෝපාවිෂ්ට වූ මහින්ද ශෂීට කුණුහරුපෙන් බැන වදිමින් කිව්වේ.උබල ඔය උජාරුවට ඉන්නේ මගේ සල්ලි වලින් කියාය.සියල්ල අසා සිටි ශෂීද මහින්දට බැන වැදී ඇත්තේ තමන් මෙතරම් අසරණවුයේ ශිරාණිගේ වැඩ නිසා බවයි. 

විමල්ගේ දේශපාලනය නවත්වන්න යටින් ගෙනියන කුමන්ත්‍රණ ගැන තමා සහ විමල් ඇතුළු සියලු දෙනා දන්නා බවද මහින්දට ඇය පවසා ඇත. කෝපාවිෂ්ඨ වූ මහින්ද දුරකථන පොලේ සාගා ඇත්තේ කන්න දුන්න අත හපාකන බල්ලෝ කියා කේන්තියෙන් ගුගුරවමිනි. 

මහින්ද රාජපක්ෂ මහතා විසින් පසුගියදා විමල්වීරවංශ අත්අඩංගුවට ගැනීම පිළිබඳව තරමක් සංතෝෂයෙන් සිටින බව මීට පෙර වෙබ් අඩවි කිහිපයක්ම වාර්තා කර තිබුණා.මේ නිසා විමල්ගේ පවුලේ උදවිය රාජපක්ෂ මහතා සමග පිළිකුලෙන් සිටින බව ආරංචි වීමත් සමග ශෂී වීරවංශ සමග දුරකතනයෙන් කතා කර අවුල ලිහා ගැනීමට මහින්ද මහතා තීරණය කිරීම නිසා මෙම ප්‍රශ්නය ඇතිවී තිබේ.

No comments

Powered by Blogger.