මහත්තයත් මෙහේ කෙනෙක් එයාට දමිළ වචනයක්වත් කතා කරන්න බැහැ.
පූජා උමාශංකර් කියන්නෙ අපේ සිනමා අඹරට පෑයූ ආදරණිය තරැවක් බව අමුතුවෙන් කිවයුතු නැහැ. පූජාගේ ජීවිතයට පසුගියදා තවත් ආදරණිය චරිතයක් ළංවුණා. ඒ තමයි ප්‍රශාන් වෙදකන්. පූජා හා ප්‍රශාන් විවාහ වුණේ ඉතාම සරල පුංචි උත්සවයක් පවත්වලා.
පූජාගේ පවුලේ උදවිය, ප්‍රශාන්ගේ පවුලේ උදවිය සහ ඔවුන්ගේ ඉතාම කිට්ටු, හිතවත්ම මිතුරැ මිතුරියන් පිරිසක් තමයි මංගල උත්සවයට සහභාගි වුණේ. ඔන්න අපිත් පූජාගේ හා ප්‍රශාන්ගේ නිවෙසට ගොඩ වැදුණා ඔවුන්ගේ අලූත්ම ආදරණිය තොරතුරැ ඔබ හා ඛෙදාගන්නට.
ඉතින් කොහොමද අලූත බැඳපු ජෝඩුව?
අපි සතුටින්, ආදරෙන් සරලව ජීවිතය විඳිමින් කල් ගෙවනවා.
එහෙම කීවේ පූජා. ප්‍රශාන්ද එය අනුමත කළා.
ඉතින් කියන්නකො ඔය දෙන්නා මුලින්ම හමුවුණ හැටි?
ඕකේ මම කියන්නම්. පූජා කතාව පටන් ගත්තා.
මෙහෙමයි. මට දවසක් කොළඹ විශේෂ අවශ්‍යතා ඇති දරැවන් පිරිසකගේ අවශ්‍යතාවයන් ගැන සාකච්ඡා කරන්න ඒ ආයතනයේ වෙලාවක් වෙන්කරගෙන තිබුණා. මට වාහනයක් නැති නිසා මට ඒ ගමන සඳහා කාරයක් එවලා තිබුණා. ඒක එලවගෙන ආවෙ ප්‍රශාන්. මම කාරයට නැගලා මාව හඳුන්වලා දුන්නා. එච්චරයි. එයා වේගෙන් වාහනේ එලවන්න ගත්තම මම බයවුණා. ඔහුත් ඒක තේරැම් ගත්තා. එදායි මම මුලින්ම ප්‍රශාන්ව දැක්කෙ.
ප්‍රශාන්ගෙ මතකයත් අවදි කරමුද?
ඔව්. මගේ හොඳ යාළුවෙක් මගෙන් ඇහුවා මේ වගේ කෙනෙක් ඉන්නවා බම්බලපිටිය මහල් නිවාස සංකීර්ණයේ. උදව්වක් හැටියට එයාව ඒ ආයතනයට අරගෙන ගිහින් ආපහු ඇරලවන්න පුළුවන්ද කියලා. මම ගියා. පූජා නැග්ගා. එයාගෙ වැඩේ ඉවරවුණාම ආපහු එයාව ඇරලූවා.
ප්‍රශාන් එදා පූජා සිනමා නිළියක් කියලා දැනගෙන හිටියද?

ඒ වෙනකොට ඔයා පූජා රඟපාපු චිත්‍රපට කීයක් විතර බලලා තිබුණද?
අට්ටගාසම් විතරයි. එයා සිංහල චිත්‍රපටවල රඟපානවා කියලවත් මම දැනගෙන හිටියෙ නෑ. මේක 2014 දෙසැම්බර් මාසයේ සිද්ධියක්.
ඉතින් පූජා එදා හායි කියපු කොල්ලා ඔයාට ආයෙත් හමුවුණාද?
ඔව්. ඊට පස්සෙ අපි යාළුවො හැටියට කීප සැරයක් මුණගැහුණා. ප්‍රශාන් විනෝද ගමන් යන්න හරිම රැසියෙක්. ඒත් තනියම යන්නෙ නැහැ. යන්නෙ එයාගෙ යාළුවො සෙට් එකත් පිරිවරාගෙන. ඔන්න ඊට පස්සෙ මමත් ඔය සෙට් එකට ක්‍රම ක්‍රමයෙන් එකතු වුණා. ප්‍රශාන්ගෙ යාළුවො මගෙත් යාළුවො වුණා. ප්‍රශාන් හරිම විහිළුකාරයෙක්. එයා ඉන්න තැන හිනා කාලා මැරෙනවා කියන විහිළු කතාවලට. පස්සෙ පස්සෙ ප්‍රශාන් අපේ පවුලෙ හිතවතෙක් වුණා.
එතකොට පූජා ඔයාගෙ හිතේ ප්‍රශාන් ගැන ඒ වනවිට ආදරයක් වගේ හැඟීමක් ඇතිවෙලා තිබුණෙම නැද්ද?
සත්තකින්ම නැහැ. අපේ යාළුවො ගොඩාක් වෙලාවට අපි දෙන්නව ජෝඩු කරලා විහිළු කළා. අපි දෙන්නා යසට කැපෙන ජෝඩුව කියලයි ඒගොල්ලො කිව්වෙ.
ඔයා කොහොමද ඒකට ප්‍රතිචාර දැක්වූයේ?
මම ප්‍රශාන්ට කිව්වා යාළුවො යාළුවො අපි ගැන මොන මොන දේවල් කිව්වත් මම ඔයා එක්ක යාළුවෙයි කියලා හිතන්නවත් එපා කියලා. අපි අතර ඒ තරමට හොඳ යාළුකමක් තිබුණා.
ප්‍රශාන් කියන්නකො ඔයා කොහොමද පූජගෙ ඒ කතාවට ප්‍රතිචාර දැක්වූයේ කියලා?

පූජා කියන්නකො ඔයා ප්‍රශාන්ව දකින්නෙ කොයි විදිහෙ කෙනෙක් හැටියටද?
කොටින්ම කියනවනම් එයා මගේම පිරිමි අච්චුවක් කිව්වොත් නිවැරදියි. මම වගේම එයත් කැමතියි අපි එක්ක ඉන්න අය හිනස්සන්න. කෑම බීම අතිනුත් අපේ සමානකම් වැඩියි. අපි හිතන පතන දේවලූත් සමානයි.
පූජා ප්‍රශාන්ගෙ දකින හොඳ ගුණාංගය මොකක්ද?
දෙවියන් කෙරෙහි ඔහු තුළ තිඛෙන දැඩි විශ්වාසය හා භක්තිය. මට වඩා ඔහු තුළ තිඛෙන විශ්වාසය වැඩියි. එනිසා ඔහු මගේ ජීවිතයට ලබාදෙන නායකත්වය, මඟපෙන්වීම හා ආරක්ෂාව ගැන මට කිසිම සැකයක් නැහැ. ඔහු පූජා උමාශංකර්ගෙ ස්වාමිපුරැෂයා හැටියට ලෝකයා දකිනවාට වඩා මම කැමතියි මම ප්‍රශාන් වෙදකන්ගේ භාර්යාව හැටියට දකිනවාට. මට රිදී හදවතක් තියෙනවනම් ඔහුට තිඛෙන්නෙ රත්තරන් හදවතක්.
ප්‍රශාන් කියන්නකො ඔයා පූජාගෙ දකින හොඳම ගුණාංග මොනවද කියලා?
ඇගේ නිහතමානී බව, ඇගේ අවනතභාවය, දෙවියන් කෙරෙහි ඇගේ තිඛෙන විශ්වාසය හා අනිවාර්යයෙන් ඇගේ සොඳුරැ බව.

මම ඒ වෙනස්කම දැනටමත් කරලා ඉවරයි.
ඒ මොකක්ද ප්‍රශාන්?
මම එයාගෙ වාසගම වෙනස් කළා.
පූජාට අවස්ථාවක් දුන්නොත් ප්‍රශාන්ගෙ වෙනස් කරන්න කැමති දෙයක් තියෙනවද?
එකක් තියෙනවා. වාහනේ එලවද්දි පාරෙ අනිත් රියදුරන් මාර්ග නීති කඩ කරනවා දැක්කම ප්‍රශාන්ට ඇතිවෙන්නෙ පුදුම මානසික පීඩාවක්. ඒ ගතිය වෙනස් කරගන්න පුළුවන්නම් මම කැමතියි.
ඉතින් දෙන්නම තාම කිව්වෙ නැහැනෙ මුලින්ම ආදරේ ප්‍රකාශ කළේ කවුද? කොහෙදිද? කවදද? කියලා?
ඒක කොහොම වුණාද කියලා දිනයක් වෙලාවක් කියන්න බැහැ. ඒක කාලයාගේ ඇවෑමෙන් අපි දෙන්නට දෙන්නා හොඳින් හඳුනාගත්තට පස්සෙ ඉබේම වගේ සිද්ධවුණා කියලයි මට හිතෙන්නෙ. මුලින්ම අපිට ආදරය දැනෙන්න පටන් ගත්තා. ඊට පස්සෙ තමයි ඒ සිතුවිලි වචන බවට පත්වෙලා අපේ හිත් යාවුණේ.
ප්‍රශාන් හිතන්නෙත් එහෙම කියලද?

පස්සෙ ආදරය තහවුරැ වුණා?
ඔව්. අපේ ජීවිතවලට සිදුවුණු සුන්දරම දේ තමයි අපේ හදවත් දෙක එක්වීම. අපි ඉතාම සරලව ජීවත් වෙන දෙන්නෙක්.
ඒ නිසාද මංගල උත්සවයත් ඉතාම චාම් අන්දමට පැවැත්වූවේ?
ඇත්තටම අපි ඉතාම සරලව තමයි මංගල උත්සවය පැවැත්වූයේ. මගෙයි ප්‍රශාන්ගෙයි පවුල් දෙකේ සාමාජිකයන් හැරෙන්නට අපිට කිට්ටුම, පවුලේ සාමාජිකයන් හා සමාන මිතුරන් කීපදෙනකුට ආරාධනා කළා. ඔබත් එයට සාක්ෂි දරනවනෙ. කලා ක්ෂේත්‍රයේ කාටත් නොකීවේ එතරම් විශාල සංඛ්‍යාවකට ආරාධනා කරන්න බැරි නිසයි. කෙනකුට කියලා තවත් කෙනකුට නොකියා ඉන්න බැරි නිසයි.
ප්‍රශාන් තාමත් පූජා දූරියන් කනකොට අප්පිරියාවෙන් අහක බලන් ඉන්නවද?
ඒ ඉස්සර. මම දූරියන් කද්දි ප්‍රශාන් අහක බලාගෙන රඹුටන් කෑවා. දැන් ප්‍රශානුත් දූරියන්වලට මාර පෙරේතයි, මට වඩා.
පූජයි ප්‍රශානුයි ගොඩාක් කතා කරන්නෙ සිංහලෙන් නේද?
ඔව්. ප්‍රශාන් ඉගෙන ගත්තෙ කොළඹ. ඉංග්‍රීසි සහ සිංහල භාෂා තමයි ඉගෙන ගත්තෙ. එයාට දමිළ වචනයක්වත් කතා කරන්න බැහැ. එනිසා අපි දෙන්නත් වැඩිපුරම කතා කරන්නෙ සිංහලෙන් හා ඉංග්‍රීසියෙන්.
ඔව්. මගේ තේ අපනයනය කරන සමාගමේ ඇයත් මට සහාය වෙනවා. පූජාගේ තාත්තත් තේ ව්‍යාපාරයේ ප්‍රවීණයෙක්. අනික පූජත් තේවලට හරිම ප්‍රියයිනෙ.
ඒ කියන්නෙ පූජා රංගනයට ආයුබෝවන් කියයිද?
ප්‍රශාන් මට කිසිම වෙලාවක කිසිම තහංචියක් දාලා නැහැ. ඒත් මම කැමතියි මේ වෙලාවෙ මගේ පවුල් ජීවිතයට ප්‍රමුඛත්වය ලබාදෙන්න.
පූජා රඟපාපු සිංහල චිත්‍රපට ප්‍රශාන් නරඹලා තියෙනවද?
අනේ මම හරිම ආසයි, ඒත් පූජා කැමති නැහැනෙ මම එයාගෙ ෆිල්ම්ස් බලනවට.
ඇයි පූජා එහෙම කරන්නෙ?
අනේ මට ලජ්ජයිනෙ එයා මගෙ චිත්‍රපට බලනවට. අනික මම සජීවීව එයා ළඟ ඉන්නකොට ප්‍රශාන් මොකටද තිරයේ පූජාව බලන්නෙ.
ප්‍රශාන් ආස නැද්ද පූජා රඟපාන චිත්‍රපට බලන්න?
හරිම ආසයි. මම ගොඩාක් ආසාවෙන් ඉන්නෙ සරිගම බලන්න. සොඳුරු හෝරා කීපයකින් පසු අපි පූජා හා ප්‍රශාන්ගෙන් සමුගත්තෙ ඉතාම ඉක්මනින් ප්‍රශාන්ව සරිගම බලන්න එක්ක යන්නට පොරොන්දු වෙමින්.
මිතුරන් අතරේ බෙදාගන්න.
මිතුරන් අතරේ බෙදාගන්න.
No comments