“ෆෙඩරල් දෙන්න ව්‍යවස්ථාව හැදුවේ මහින්ද සහ ජී එල්” (වීඩියෝ)
ශ්‍රී ලංකාව පෙඩරල් පන්නයේ රාජ්‍යයක් බවට පත් කිරීමට උත්සාහ කළ බවට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ මහින්ද රාජපක්ෂ යන හිටපු ජනාධිපතිවරුන් දෙදෙනා වර්තමාන රජයේ අමාත්‍යවරයකුගේ දැඩි දෝෂ දර්ශනයට ලක්විය.
චන්ද්‍රිකා පාලන සමයේ අමාත්‍යවරුන් වූ මහින්ද රාජපක්ෂ සහ ජී එල් පීරිස් මෙන්ම අග විනිසුරු සරත් නන්ද සිල්වාද “පෙඩරල් ව්‍යවාස්ථාව චන්ද්‍රිකාට හදලා දීපු අය,” ලෙසින් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් හඳුන්වන ලද්දේ මහනුවර දළඳා මාළිගා භුමියේ ඉදි කරන ලද බහුකාර්ය ගොඩනැගිලි සංකීර්ණයේ පළමු අදියර පූජා කිරීමේ අවස්ථාවට ඊයේ (25) එක්වෙමිනි.
එම උත්සාහය පරාජය වූයේ සංඝයා වහන්සේගේ විරෝධතාව නිසා බව ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
කෙසේවෙතත්, රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායක ලෙසින් සිටි 2000 චන්ද්‍රිකා පාලන සමයේ ගෙන එන ලද ‘පැකේජය’ නමින් ප්‍රසිද්ධියට පත් නව ව්‍යවස්ථා යෝජනාව එක්සත් ජාතික පක්ෂය විසින් පමණක් නොව දෙමළ පක්ෂ විසින්ද පාර්ලිමේන්තුවේදී ප්‍රතික්ෂේප කරන ලදී.
මහින්ද රාජපක්ෂ සහ ජී එල් පීරිස් එම රජයේ ඇමැතිවරු වූහ.
කෙටුම්පතක් වත් තාම හදලා නෑ :
අලුතින් ගෙන ඒමට යෝජිත ව්‍යවස්ථාව පිලිබඳව නැගෙන විරෝධය සම්බන්ධයෙන් රණවක අමාත්‍යවරයා මහනුවරදී ප්‍රකාශ කර සිටියේ “එවැනි ව්‍යවස්ථාවක කෙටුම්පතක් වත් තාම හදලා නෑ” යනුවෙනි.
“රාජ්‍යයේ ඒකීය භාවය, සම්බුද්ධ ශාසනයට ලබා දී තිබෙන ප්‍රමුඛස්ථානය සහ සෙසු ආගම් ඇදහීමට තිබෙන අයිතිය ඇතුළු ආගමික නිදහස සහිත ස්ථාවර රටක්,” නව ව්‍යවස්ථාව මගින් බිහි කෙරෙනු ඇති බවට අමාත්‍යවරයා සහතික විය.
(radiogagana)
No comments