Header Ads

රෝහිත රාජපක්ෂගේ මිත්තණිය ඩේසි ෆොරස්ට්ට අධිකරණයෙන් ඇප

හිටපු ජනපති පුත් රෝහිත රාජපක්ෂගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් ඇප මත මුදා හැරීමට අධිකරණය අද නියෝග කළා.

ඒ ඇය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි.

එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ රුපියල් 25,000 ක මුදල් ඇපයක් සහ ලක්ෂ 15 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි.

අයථා ක්‍රමයට උපයා ගත් රුපියල් මිලියන 36 ක් යොදවා රත්මලාන ප්‍රදේශයේ ඉඩමක් මිලදී ගැනීම සම්බන්ධයෙන් ඇයට එරෙහිව චෝදනා එල්ල වී තිබුණා.

යෝෂිත රාජපක්ෂ ඉඩමක් තම නමට ලියා ගැනීමේදී මූල්‍ය විශුද්ධකරණයක් සිදුව ඇති බවට පවසමින් ඔහුට සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට්ට එරෙහිව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය පැමිණිල්ලක් ගොනුකර තිබුණා.

No comments

Powered by Blogger.