මේ වසරේ ඒ නිහැඬියාව බිඳ දමනවා ප්‍රවීණ රංගන ශිල්පීනී සංගීතා වීරරත්න.
අලුත් අවුරුද්දේ සොඳුරු අසිරිය තවමත් පහවගොස් නැත. ජයික් හිල්ටන් තුන්වන මහලට පෙනෙන නිල්වන් ගුවන් තලය ඇසට ප්‍රිය සොඳුරු දසුනකි. ගුවනේ තැනින් තැන දඟකරමින් විසිරෙන සුදු වලාකුළු කපු පුළුන්සේ ඈත මෑත පාවී යයි. සැදෑවේ හමා එන සිහිල් පවන් රැලි ගතට සිතට එක් කරන්නේ සැනසුමක් මිස වෙහෙසක් නොවේ. රන්වන් හිරු කිරණින් නැහැවුණු පිහිනුම් තාටාකයේ දිය කඳ සුළං හා පෙරළි කරන්නේ දිය බුන් ගසන ළදැරියන්ට නොදෙවෙනි ලෙසයි. මේ සියලු සොඳුරු දසුන් නරඹමින් අපි රැදී සිටින්නේ ඇය එන මඟයි.
‘මට විනාඩියක් දෙන්න මම දැන් එනවා...‘
මා දුන් දුරකතන ඇමැතුමට පිළිතුරු දෙමින් ඇය පවසයි. දඟකාර ළදැරියක ලෙස මුව පුරා රැඳුණු දෙකම්මුල් වළගැසෙන ඇයටම අනන්‍ය වූ ඒ සුන්දර සිනහවෙන් යුතුව මොහොතකින් ප්‍රවීණ රංගන ශිල්පීනී සංගීතා වීරරත්න අප අභියසය.
‘ඊයෙ රෑ උත්සවයකට ගියා. ගෙදර එනකොට පාන්දර වුණා. එනිසා ටිකක් වැඩි පුර නිදා ගත්තා. හවස් වන තුරුම වැඩ. ‘
ඇය එනතුරු බලා සිටි අපි අපහසුතාවයට පත් වුවාදැයි සැකයෙන් ඇය පවසයි. ඇගේ හඬ එදා මෙන්ම අදත් සුපුරුදු ළෙන්ගතුය. කාලය මොහොතින් මොහොත ගතව යයි. ජායාරූප ශිල්පී දුෂ්මන්ත මායාදුන්නේ ඇගේ සොඳුරු දසුන් ජායාරූපයට හසු කරගන්නා අතරේ සංගීතාගේ දිවියේ නවතම තොරතුරු ඔබ වෙත ගෙන එන්නට මම ඇය සමඟ කතාබහ අරැඹුවෙමි.
අලුත් අවුරුද්දේ ඇරැඹුමත් සමඟ ඔබ ගැනත් ප්‍රේක්ෂකයන්ගේ කතා බහ අලුත් වෙලා වගෙයි?
ඔය කියන්නේ පසුගිය දවස්වල රිදී රැයක්, සරසවි සම්මාන උළෙලට මම දායක වූ නිසා වෙනනැති. මේ දේවල් එක්ක රසිකයන්ගෙන් හුඟක් ප්‍රතිචාර ලැබුණා. මේ ඇරෙන්න වෘත්තීමය කටයුතුවලට වඩා පසුගිය කාලයේ මම මුල් තැන දුන්නේ පෞද්ගලික ජීවිතේට. මේ දවස්වල නම් වැඩි වශයෙන්ම උත්සව, සමාජසේවා කටයුතු සමඟයි කාලය ගත වන්නේ.
රිදී රැයක් වැඩසටහනට නොකඩවාම ඔබ සහභාගි වුණා. ඒ ගැන මොකද හිතන්නේ?
රිදී රැයක් පටන් ගත්තේ 2002 වසරේදියි. ඒ කලා ක්ෂේත්රයේ ප්‍රවීණයන් වෙනුවෙන් සෞඛ්‍ය සහ ජීවිත රක්ෂණාවරණයක් වගේම ඔවුනට ආර්ථිකමය සවියක් වෙමින් ඔවුන්ගේ සුබ සාධනය වෙනුවෙන්. දැන් එය නොකඩවා වසර 14ක් පුරා කරගෙන විත් තිබෙනවා. පවත්නා ආණ්ඩුවකින් පිනට ඉල්ලන්නේ නැතිව කලාකරුවන්ගේ ධෛර්යයෙන් කලාකරුවන් වෙත ශක්තියක් වීමයි මෙහි මුලික අරමුණ වුණේ. මේ අරමුණේ ඇති ගරුත්වය නිසාම අදවන විට එය සාර්ථක ප්‍රසංගයක් බවට පත් වී තිබෙනවා. ලංකාවේ වගේම පිටරට සිට පවා මේ ප්‍රසංගය නරඹන්න අපේ රසිකයන් එනවා.
කාලෙකින් ඔබ සිනමා නිර්මාණයකින් ප්‍රේක්ෂකයා අතරට ආවේ නැහැ නේද?
චිත්‍රපටවලට නම් සම්බන්ධ වුණේ නැහැ තමයි. එයට මුලිකම හේතුව වුණේ පෞද්ගලික ජීවිතයේ වැඩ කටයුතු.
ඒ නිහැඩියාව බිඳ දමන්න අදහසක් නැතිද?
අනිවාර්යයෙන්ම මේ වසරේ ඒ නිහැඬියාව බිඳ දමනවා. යළිත් රංගනයට එක් වෙනවා. මේ වනවිට චිත්‍රපට දෙකකට වගේම තවත් ටෙලිනාට්‍යයකට දායක වෙන්න මම සූදානමින් ඉන්නේ. ඉන් එක් චිත්‍රපටියක් මගේ නිෂ්පාදනයක් වේවි. ඕනෑම අභියෝගාත්මක චරිතයක් රඟපාන්න දැන් මම සූදානම්.
ඔබ ‘සියත‘ සමඟ තරමක් කාර්ය බහුලයි නේද?
ඉස්සර තරම්ම නැහැ. වැඩ කටයුතු තිබුණත් දැන් ටීවී එකේ බොහෝ වැඩකටයුතු ප්‍රවීණ අධ්‍යක්ෂක කැලුම් පාලිත මහීරත්නගේ අධීක්ෂණයෙන් සිදුවෙන්නේ.
වයස අවුරුදු 16 දී සිනමාවට එක් වූ ඔබ අධ්‍යක්ෂණයෙන් කලාවට දායක නොවෙන්නේ ඇයි?
අධ්‍යක්ෂණය කියන්නේ වෙනමම කර්තව්‍යයක්. එනිසා මමඅධ්යක්ෂණයේ යෙදෙයි කියලා හිතන්න අමාරුයි. මට නළු නිළියන් මෙහෙයවන්න පුළුවන්. කතාව ගොඩ නගන්න, අධ්‍යක්ෂණය ඒ අභියෝගවලට මම බයයි.
සියලු කටයුතු අතරේ ඔබ කාලය කළමනාකරනය කර ගන්නත් දක්ෂයි?
සාමාන්‍යයෙන් දුව පෝෂියා පාසල් යන දවසක් නම් මම පාන්දර 5.30 වන විට නැඟිටිනවා. නිවාඩු දවස්වල නම් ටිකක් පරක්කු වෙලා තමයි නැඟිටින්නේ. ඉන්පස්සේ තමයි අනෙකුත් වැඩකටයුතු වෙනුවෙන් කාලය බෙදා ගන්නේ.
ඔබේ ආදරණීය සැමියා රොෂාන්ත මුණ ගැහුණ අතීතය ගැන මොකද හිතෙන්නේ?
ඒ හමුවීම අදටත් හරිම ආදරණිය මතකයක්. අපි දෙන්නා විටින්විට මුණ ගැහැලා තිබුණත් දැන හඳුනාගෙන කතාබහ කළේ ස්ව්ඩන්වලදී. රොෂාන්ත ව්‍යාපාරික කටයුතු වෙනුවෙන් එවකට ධීවර ඇමැතිවරයා සමඟ ස්විඩන්වලට පැමිණ හිටයා. මමත් සිනමා නිර්මාණයක දර්ශනයක් සඳහා සහභාගි වෙන්න ස්විඩන් ගිහින් හිටියා. ස්විඩන් තානාපති ඩිනර් එකකට මට ආරාධනා කර තිබුණා. මමත් එයට සහභාගි වුණා. රොෂාන්තත් එයට ඇවිත් හිටියා. ඒ අවස්ථාවේ දී ඇති වූ ආගිව්මන්ට් එකක් නිසා කතාබහ කරලා අපි දැන හඳුනා ගත්තා. ලංකාවට ආවට පසුවත් නිතර නිතර අපි කතාබහ කළා. අපේ යාළුකම ආදරයකට පෙරළෙන්නත් පළමුව රොෂාන්ත මගේ මව්පියන් සමඟ කතා කරලා විවාහ වෙන්න අවසර ඉල්ලුවා. ඔවුන්ගේ ආශිර්වාදය මැද අපි විවාහ වුණා.
රොෂාන්ත ගේ ගතිගුණ ඔබ දකින්නේ කොහොමද?
රොෂාන්තව මම දකින්නේ වෙනස්ම පුද්ගලයෙක් ලෙසයි. මම ඔහුගේ ඒ ගතිගුණවලට හරි ආසයි. මොකද මගේ තාත්තගේ ගතිගුණවලට ඔහුගේ ඒ ගතිගුණ බොහොමයක් සමානයි. වැඩියම තමන්ගේ හැඟීම් පිටතට පෙන්වන කෙනෙක් නෙවෙයි ඔහු. තමන්ගේ පවුලේ හැමදෙනා ගැනම සොයාබලන කෙනෙක්. මම රොෂාන්තව දැන හඳුන ගන්න කොටත් එහෙමයි. මම හුඟක් වාසනාවන්ත බව මට හිතෙනවා. මොකද මගේ ජීවිතේ නිසි කාලෙදි හැමදෙයක්ම සුන්දරව ඉටු වුණා. රොෂාන්ත ඔහුගේ පවුලේ අයට දක්වන ආදරයම තමයි මගේ පවුලටත් දක්වන්නේ. පෝෂියා ලැබුණු පසු හැම දෙයක්ම නිසි ලෙස කරගන්න මට අවශ්‍ය නිදහස හැම දේම රොෂාන්ත ලබා දුන්නා. අනෙක මම රංගන ශිල්පිණියක් ලෙසත් මගේ ක්ෂේත්රය කලාවට ඔහු දක්වන ආදරය, ගරුත්වය, හරිම ඉහළයි. ඒ වගේම රොෂාන්තගේ පවුලේ අය ගැනත් කතා කළ යුතුයි. ඔවුන්ගෙන් ලැබෙන සහයෝගය, බැඳිම මට ලොකු ශක්තියක්.
පෝෂියා නිසා දැන් ඔබේ ජීවිතේ හැම පැතුමක්ම ඉටුවෙලා?
පෝෂි අපි ගොඩක් කල් බලාපොරොත්තුවෙන් ඉඳලා හම්බවුණේ. මං හිතන්නේ අපේ ජීවිතේ ඇය තවත් ලස්සන කළා. පරිපූර්ණ කළා.
ඔබ දුටු පෝෂියාගේ කලා හැකියාවන් මොනවාද?
පෝෂියා සංගීතයට හුඟක්ම ආසයි. රඟපාන්න, ස්ටේජ් එකේ නර්තනයේ යෙදෙන්න ඇය දක්ෂයි. නමුත් හරිම ලැජ්ජයි.
ඇය ඔබ රඟපෑ චිත්‍රපට නරඹනවාද?
ඔව්. මම රඟපාපු චිත්‍රපටි ඇය නරඹනවා. ‘සුවඳ දැනී දැනී දැනෙනවා..‘ ගීතයට ඇය ආසයි. ඒ ගීතය යන විට එය නරඹලා මගෙන් ඇය අහනවා තාත්ත ඒ චිත්‍රපටවල නැත්තෙ ඇයි කියලා? දැන් නම් ඇයට රංගනය ගැන අවබෝධයක් තිබෙනවා. පෝෂියා හරිම සරල, හුරතල් දියණියක්.
(අද දෙරණ ඇසුරෙනි)අලුත් අවුරුද්දේ සොඳුරු අසිරිය තවමත් පහවගොස් නැත. ජයික් හිල්ටන් තුන්වන මහලට පෙනෙන නිල්වන් ගුවන් තලය ඇසට ප්‍රිය සොඳුරු දසුනකි. ගුවනේ තැනින් තැන දඟකරමින් විසිරෙන සුදු වලාකුළු කපු පුළුන්සේ ඈත මෑත පාවී යයි. සැදෑවේ හමා එන සිහිල් පවන් රැලි ගතට සිතට එක් කරන්නේ සැනසුමක් මිස වෙහෙසක් නොවේ. රන්වන් හිරු කිරණින් නැහැවුණු පිහිනුම් තාටාකයේ දිය කඳ සුළං හා පෙරළි කරන්නේ දිය බුන් ගසන ළදැරියන්ට නොදෙවෙනි ලෙසයි. මේ සියලු සොඳුරු දසුන් නරඹමින් අපි රැදී සිටින්නේ ඇය එන මඟයි. ‘මට විනාඩියක් දෙන්න මම දැන් එනවා...‘ මා දුන් දුරකතන ඇමැතුමට පිළිතුරු දෙමින් ඇය පවසයි. දඟකාර ළදැරියක ලෙස මුව පුරා රැඳුණු දෙකම්මුල් වළගැසෙන ඇයටම අනන්‍ය වූ ඒ සුන්දර සිනහවෙන් යුතුව මොහොතකින් ප්‍රවීණ රංගන ශිල්පීනී සංගීතා වීරරත්න අප අභියසය. ‘ඊයෙ රෑ උත්සවයකට ගියා. ගෙදර එනකොට පාන්දර වුණා. එනිසා ටිකක් වැඩි පුර නිදා ගත්තා. හවස් වන තුරුම වැඩ. ‘ඇය එනතුරු බලා සිටි අපි අපහසුතාවයට පත් වුවාදැයි සැකයෙන් ඇය පවසයි. ඇගේ හඬ එදා මෙන්ම අදත් සුපුරුදු ළෙන්ගතුය. කාලය මොහොතින් මොහොත ගතව යයි. ජායාරූප ශිල්පී දුෂ්මන්ත මායාදුන්නේ ඇගේ සොඳුරු දසුන් ජායාරූපයට හසු කරගන්නා අතරේ සංගීතාගේ දිවියේ නවතම තොරතුරු ඔබ වෙත ගෙන එන්නට මම ඇය සමඟ කතාබහ අරැඹුවෙමි.
අලුත් අවුරුද්දේ ඇරැඹුමත් සමඟ ඔබ ගැනත් ප්‍රේක්ෂකයන්ගේ කතා බහ අලුත් වෙලා වගෙයි?
ඔය කියන්නේ පසුගිය දවස්වල රිදී රැයක්, සරසවි සම්මාන උළෙලට මම දායක වූ නිසා වෙනනැති. මේ දේවල් එක්ක රසිකයන්ගෙන් හුඟක් ප්‍රතිචාර ලැබුණා. මේ ඇරෙන්න වෘත්තීමය කටයුතුවලට වඩා පසුගිය කාලයේ මම මුල් තැන දුන්නේ පෞද්ගලික ජීවිතේට. මේ දවස්වල නම් වැඩි වශයෙන්ම උත්සව, සමාජසේවා කටයුතු සමඟයි කාලය ගත වන්නේ.
රිදී රැයක් වැඩසටහනට නොකඩවාම ඔබ සහභාගි වුණා. ඒ ගැන මොකද හිතන්නේ?
රිදී රැයක් පටන් ගත්තේ 2002 වසරේදියි. ඒ කලා ක්ෂේත්රයේ ප්‍රවීණයන් වෙනුවෙන් සෞඛ්‍ය සහ ජීවිත රක්ෂණාවරණයක් වගේම ඔවුනට ආර්ථිකමය සවියක් වෙමින් ඔවුන්ගේ සුබ සාධනය වෙනුවෙන්. දැන් එය නොකඩවා වසර 14ක් පුරා කරගෙන විත් තිබෙනවා. පවත්නා ආණ්ඩුවකින් පිනට ඉල්ලන්නේ නැතිව කලාකරුවන්ගේ ධෛර්යයෙන් කලාකරුවන් වෙත ශක්තියක් වීමයි මෙහි මුලික අරමුණ වුණේ. මේ අරමුණේ ඇති ගරුත්වය නිසාම අදවන විට එය සාර්ථක ප්‍රසංගයක් බවට පත් වී තිබෙනවා. ලංකාවේ වගේම පිටරට සිට පවා මේ ප්‍රසංගය නරඹන්න අපේ රසිකයන් එනවා.
කාලෙකින් ඔබ සිනමා නිර්මාණයකින් ප්‍රේක්ෂකයා අතරට ආවේ නැහැ නේද?
චිත්‍රපටවලට නම් සම්බන්ධ වුණේ නැහැ තමයි. එයට මුලිකම හේතුව වුණේ පෞද්ගලික ජීවිතයේ වැඩ කටයුතු.
ඒ නිහැඩියාව බිඳ දමන්න අදහසක් නැතිද?
අනිවාර්යයෙන්ම මේ වසරේ ඒ නිහැඬියාව බිඳ දමනවා. යළිත් රංගනයට එක් වෙනවා. මේ වනවිට චිත්‍රපට දෙකකට වගේම තවත් ටෙලිනාට්‍යයකට දායක වෙන්න මම සූදානමින් ඉන්නේ. ඉන් එක් චිත්‍රපටියක් මගේ නිෂ්පාදනයක් වේවි. ඕනෑම අභියෝගාත්මක චරිතයක් රඟපාන්න දැන් මම සූදානම්.
ඔබ ‘සියත‘ සමඟ තරමක් කාර්ය බහුලයි නේද?
ඉස්සර තරම්ම නැහැ. වැඩ කටයුතු තිබුණත් දැන් ටීවී එකේ බොහෝ වැඩකටයුතු ප්‍රවීණ අධ්‍යක්ෂක කැලුම් පාලිත මහීරත්නගේ අධීක්ෂණයෙන් සිදුවෙන්නේ.
වයස අවුරුදු 16 දී සිනමාවට එක් වූ ඔබ අධ්‍යක්ෂණයෙන් කලාවට දායක නොවෙන්නේ ඇයි?
අධ්‍යක්ෂණය කියන්නේ වෙනමම කර්තව්‍යයක්. එනිසා මමඅධ්යක්ෂණයේ යෙදෙයි කියලා හිතන්න අමාරුයි. මට නළු නිළියන් මෙහෙයවන්න පුළුවන්. කතාව ගොඩ නගන්න, අධ්‍යක්ෂණය ඒ අභියෝගවලට මම බයයි.
සියලු කටයුතු අතරේ ඔබ කාලය කළමනාකරනය කර ගන්නත් දක්ෂයි?
සාමාන්‍යයෙන් දුව පෝෂියා පාසල් යන දවසක් නම් මම පාන්දර 5.30 වන විට නැඟිටිනවා. නිවාඩු දවස්වල නම් ටිකක් පරක්කු වෙලා තමයි නැඟිටින්නේ. ඉන්පස්සේ තමයි අනෙකුත් වැඩකටයුතු වෙනුවෙන් කාලය බෙදා ගන්නේ.
ඔබේ ආදරණීය සැමියා රොෂාන්ත මුණ ගැහුණ අතීතය ගැන මොකද හිතෙන්නේ?
ඒ හමුවීම අදටත් හරිම ආදරණිය මතකයක්. අපි දෙන්නා විටින්විට මුණ ගැහැලා තිබුණත් දැන හඳුනාගෙන කතාබහ කළේ ස්ව්ඩන්වලදී. රොෂාන්ත ව්‍යාපාරික කටයුතු වෙනුවෙන් එවකට ධීවර ඇමැතිවරයා සමඟ ස්විඩන්වලට පැමිණ හිටයා. මමත් සිනමා නිර්මාණයක දර්ශනයක් සඳහා සහභාගි වෙන්න ස්විඩන් ගිහින් හිටියා. ස්විඩන් තානාපති ඩිනර් එකකට මට ආරාධනා කර තිබුණා. මමත් එයට සහභාගි වුණා. රොෂාන්තත් එයට ඇවිත් හිටියා. ඒ අවස්ථාවේ දී ඇති වූ ආගිව්මන්ට් එකක් නිසා කතාබහ කරලා අපි දැන හඳුනා ගත්තා. ලංකාවට ආවට පසුවත් නිතර නිතර අපි කතාබහ කළා. අපේ යාළුකම ආදරයකට පෙරළෙන්නත් පළමුව රොෂාන්ත මගේ මව්පියන් සමඟ කතා කරලා විවාහ වෙන්න අවසර ඉල්ලුවා. ඔවුන්ගේ ආශිර්වාදය මැද අපි විවාහ වුණා.
රොෂාන්ත ගේ ගතිගුණ ඔබ දකින්නේ කොහොමද?
රොෂාන්තව මම දකින්නේ වෙනස්ම පුද්ගලයෙක් ලෙසයි. මම ඔහුගේ ඒ ගතිගුණවලට හරි ආසයි. මොකද මගේ තාත්තගේ ගතිගුණවලට ඔහුගේ ඒ ගතිගුණ බොහොමයක් සමානයි. වැඩියම තමන්ගේ හැඟීම් පිටතට පෙන්වන කෙනෙක් නෙවෙයි ඔහු. තමන්ගේ පවුලේ හැමදෙනා ගැනම සොයාබලන කෙනෙක්. මම රොෂාන්තව දැන හඳුන ගන්න කොටත් එහෙමයි. මම හුඟක් වාසනාවන්ත බව මට හිතෙනවා. මොකද මගේ ජීවිතේ නිසි කාලෙදි හැමදෙයක්ම සුන්දරව ඉටු වුණා. රොෂාන්ත ඔහුගේ පවුලේ අයට දක්වන ආදරයම තමයි මගේ පවුලටත් දක්වන්නේ. පෝෂියා ලැබුණු පසු හැම දෙයක්ම නිසි ලෙස කරගන්න මට අවශ්‍ය නිදහස හැම දේම රොෂාන්ත ලබා දුන්නා. අනෙක මම රංගන ශිල්පිණියක් ලෙසත් මගේ ක්ෂේත්රය කලාවට ඔහු දක්වන ආදරය, ගරුත්වය, හරිම ඉහළයි. ඒ වගේම රොෂාන්තගේ පවුලේ අය ගැනත් කතා කළ යුතුයි. ඔවුන්ගෙන් ලැබෙන සහයෝගය, බැඳිම මට ලොකු ශක්තියක්.
පෝෂියා නිසා දැන් ඔබේ ජීවිතේ හැම පැතුමක්ම ඉටුවෙලා?
පෝෂි අපි ගොඩක් කල් බලාපොරොත්තුවෙන් ඉඳලා හම්බවුණේ. මං හිතන්නේ අපේ ජීවිතේ ඇය තවත් ලස්සන කළා. පරිපූර්ණ කළා.
ඔබ දුටු පෝෂියාගේ කලා හැකියාවන් මොනවාද?
පෝෂියා සංගීතයට හුඟක්ම ආසයි. රඟපාන්න, ස්ටේජ් එකේ නර්තනයේ යෙදෙන්න ඇය දක්ෂයි. නමුත් හරිම ලැජ්ජයි.
ඇය ඔබ රඟපෑ චිත්‍රපට නරඹනවාද?
ඔව්. මම රඟපාපු චිත්‍රපටි ඇය නරඹනවා. ‘සුවඳ දැනී දැනී දැනෙනවා..‘ ගීතයට ඇය ආසයි. ඒ ගීතය යන විට එය නරඹලා මගෙන් ඇය අහනවා තාත්ත ඒ චිත්‍රපටවල නැත්තෙ ඇයි කියලා? දැන් නම් ඇයට රංගනය ගැන අවබෝධයක් තිබෙනවා. පෝෂියා හරිම සරල, හුරතල් දියණියක්.
(අද දෙරණ ඇසුරෙනි)
No comments