Header Ads

සිරස 'ගෝඨා' සමඟ ගමින් ගමට !

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දේශපාලන ආගමනය වෙනුවෙන් සිරස රූපවාහිනිය විශේෂ වැඩසටහන් මාලාවක් ප්‍රචාරය කිරීමට මේ වන විට සැලසුම් කර තිබෙන බව දැන ගැනීමට තිබේ.
මෙම වැඩසටහනේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ ගමින් ගමට ගොස් කඩමණ්ඩිවල දී ජනතාව මුණගැසී ඔවුන්ගේ ප්‍රශ්න සාකච්ඡා කිරීම සිදු කර ඊට පිළිතුරු රාජපක්ෂ මහතා වෙතින් ලබා දීමට සැලසුම් කර ඇත.
ඒ හරහා රාජපක්ෂ මහතා ජනතාවාදී සුහදශීලී දේශපාලන නායකයකු ලෙස ඔහුගේ ප්‍රතිරූපය සකස් කිරීම මෙහි අරමුණ වී ඇත.

රනිල්ට හා බැසිල්ට එරෙහිව :

එමෙන්ම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අවලාද නැඟීම සහ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සොහොයුරා වන බැසිල් රාජපක්ෂගේ  දේශපාලන ව්‍යාපෘතිය කඩාකප්පල් කිරීම ද මෙහි අරමුණ වී තිබේ.
 බැසිල් රාජපක්ෂ මහතා දේශපාලනික වශයෙන් ශක්තිමත් වීම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජාතික දේශපාලන ආගමනයට බාධාවක්ව තිබීම මත බැසිල් රාජපක්ෂ මහතා සංවිධානය කළ කිසිදු දේශපාලන වැඩසටහනකට ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී නොවීම ද පසුගිය කාලයේ කැපී පෙනුණ සිදුවීමකි.
ගෝඨාභය රාජපක්ෂ මහතා 'වියත් මඟ' නමින් විද්වතුන් කිහිප දෙනකු සමඟ එක් වී පසුගිය කාලයේ ද ගමින් ගමට ගොස් ජන කොටස් ආමන්ත්‍රණය කිරීම ද සිදුව තිබිණි.

මිලින්දගේ 'පාත් ෆයින්ඩර්' :


ඒ කෙසේ නමුත් මෙම වැඩසටහන 'පාත් ෆයින්ඩර්' නම් රාජ්‍ය නොවන සංවිධානයේ සභාපති වන මිලින්ද මොරගොඩ මහතාගේ සැලසුමක් අනුව ක්‍රියාත්මක වන්නක් බව ද දැන ගැනීමට තිබේ. ‍

පාත් ෆයින්ඩර් ආයතනය චීනයේ  CICIR (China Institutes of ontemporary International Relations) ආයතනය සමඟ අවබෝධතාවකට එළඹෙමින් මෙරට දේශපාලනය කළමනාකරණය කිරීමේ මෙහෙයුමකට සම්බන්ධව සිටින බවත් ගෝඨාභය රාජපක්ෂ මහතාව ශ්‍රීලනිපයේ 2020 ජනාධිපති හෝ අගමැති අපේක්ෂකයා කිරීමේ මෙහෙයුමක සිටින බවත් වාර්තාවේ.
චීනයේ  CICIR ආයතනය චීනයේ විදේශ ප්‍රතිපත්ති සැකසීම වෙනුවෙන් වඩාත්ම බලපෑම්සහගත ආයතනයක් ලෙස සැලකෙන අතර චීන පාලක පක්ෂය වන කොමියුනිස්ට් පක්ෂයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන බුද්ධි මණ්ඩලයකි.
(සත්හඬ)

No comments

Powered by Blogger.