Header Ads

විමල් අලුත්ම පොතකට මුල පුරයි



රක්‍ෂිත බන්ධනාගාරගතව සිටින ජාතික නිදහස්‌ පෙරමුණේ නායක සහ හිටපු නිවාස ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මේ දිනවල රිමාන්ඩ් සිර මැදිරියේ සිට පොතක් ලිවීමට පටන්ගෙන ඇති බවත් දිනපතා රාත්‍රී 12.00 පමණ වන තුරු නිදිවරමින් එහි කටයුතු සිදුකරගෙන යන බවත් පැවසේ.
 
ලැබුණු විවේකයේ තමන් ලියමින් සිටින පොත පිළිබඳ තොරතුරු ඊයේ (17 දා) පෙරවරුවේ විමල් වීරවංශ මහතා බැලීමට කොළඹ මැගසින් බන්ධනාගාරයට පැමිණි තිරසර සංවර්ධන සහ වනජීවී නියෝජ්‍ය ඇමැතතිනී සුමේදා ජී. ජයසේන මහත්මියට ද මන්ත්‍රීවරයා පවසා ඇත.
 
දැනටමත් එහි පිටු 24 ක්‌ රචනා කර අවසන් බවත් එහිදී සඳහන් කර ඇති විමල් වීරවංශ මහතා සුවිශේෂී කරුණු රැසක්‌ ඇතුළත් වන මෙම ග්‍රන්ථය තමන් බන්ධනාගාරයෙන් නිදහස්‌ව පැමිණි පසු මුද්‍රණය කර ජනගත කරන බවද පවසා තිබේ.

No comments

Powered by Blogger.