Header Ads

අවුරුදු 600ක් පැරණි බුදු පිළිමයක් මතුවෙයි

ජලාශයකට යටව තිබූ වසර 600ක් පමණ පැරණි බුදු පිළිමයක් මතුව තිබෙනවා. නැගෙනහිර චීනයේ ජියැන්ෂි පළාතේ ජලාශයකට යටව තිබූ මෙම බුදු පිළිමය මතුව ඇත්තේ ජලාශයේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් එහි ජලය හිස් කිරීම නිසාය.
ෂියෝෂි නම් පුරාණ නගරය ආශ්‍රිතව මෙම ජලාශය ඉදිකර ඇති බව එරට වාර්තා අනුව සනාත වන බවයි චීන මාධ්‍ය පවසන්නේ.
කෙසේ වෙතත් මසක සිට හිස පමණක් දක්නට ඇති මෙම බුදු පිළිමය වන්දනාමාන කිරීමට මෙන්ම දැක බලා ගැනීමට විශාල පිරිසක් උනන්දුවක් දක්වන බවයි වාර්තා වන්නේ.





No comments

Powered by Blogger.