20-20 නායකයා චන්දිමාල් : එක්දින නායකයා උපුල්.
දකුණු අප්‍රිකානු සංචාරයේ ශ්‍රී ලංකා පිල සහභාගිවන අවසන් හා තීරණාත්මක පන්දුවාර - 20 තරගායේ නායකයා ලෙස දිනේෂ් චන්දිමාල් නම් කිරීමට තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
කෙසේවුවද, දකුණු අප්‍රිකාව සමඟ එක්දින තරගාවලියේ නායකත්වය උපුල් තරංගට ලබාදීමට නියමිත බවද වාර්තා වේ.
මේ අතර, දකුණු අප්‍රිකාවේ සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට ලහිරු මධසංඛ (සී.සී.සී.) හා සදුන් වීරක්කොඩි (එන්.සී.සී.) එක්වීමට නියමිත බවද පැවසේ.

No comments