Header Ads

දවස් 15ක් තුළ ඩෙංගු රෝගීන් 1,311ක්


වසරේ ගත වු දින 15 තුළ පුද්ගලයින් 1311 දෙනෙකුට ඩෙංගු රෝගය වැළදී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
එහි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ, කොළඹ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 342 ක් වාර්තා වී ඇති බව ය.
යාපනය දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 126කි.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 84 දෙනෙකු වාර්තා වී ඇති අතර කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍ය්‍යව 38කි.
ගත වු දින 15 තුළ කොළඹ මහනගර සභා සීමාවෙන් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 157කි

No comments

Powered by Blogger.