ෆෝට් ලෝඩර්ඩේල් ගුවන්තොටුපොළෙ වෙඩි තැබීමකින් පුද්ගලයින් 05දෙනෙකු මරුට
අමෙරිකාවේ, ෆ්ලෝරීඩා හි ෆෝට් ලෝඩර්ඩේල් ගුවන්තොටුපොළෙ සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් 05දෙනෙකු මිය ගොස් තිබේ.
විදෙස් වාර්තා අනාවරණ කළේ, වෙඩි තැබීමෙන් පුද්ගලයින් 08කු තුවාල ලබා ඇති බව ය.
ගුවන්තොටුපොළෙ ගමන් මලු භාරගන්නා පර්යන්තයේ දී මෙම වෙඩි තැබීම සිදු වී ඇති අතර වෙඩි තැබීම සිදු කළ පුද්ගලයා අමෙරිකානු පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු ඉරාක යුද්ධයට සහභාගී වූ අමෙරිකානු සෙබලෙකු බවට තොරුතුරු අනාවරණ වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
උපුටාගැනීම - නිව්ස් ෆස්ට්
No comments