එමිල්කාන්තන්ට වරෙන්තු
රාඩා ආයතනයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා එල්ල වී සිටින කොටි සංවිධානයේ හිටපු නායකයකුවන ඇන්තනි එමිල්කාන්තන් අත් අඩංගුවට ගන්නැයි කොළඹ මහාධිකරණය විවෘත වරෙන්තුවක් නිකුත් කළේය.
චොදනා පත්‍ර භාරදීම සඳහා විත්තිකාර එමිල්කාන්තන්ට අද දින (දෙසැ 15) අධිකරණයේ පෙනී සිටින්නැයි දන්වා නොතිසි නිකුත් කර තිබුණි.
කෙසේ වෙතත් විත්තිකරු වෙනුවෙන් නීතිවේදියෙකු අද දින අධිකරණයේ පෙනී සිටියද විත්තිකාර එමිල් කාන්තන් අධිකරණයේ පෙනී සිටියේ නැත.
මහාධිකරණ විනිසුරුවරිය ප්‍රකාශ කළේ නඩුව අද දින කැඳවන බව දැනුවත්ව සිටි විත්තිකරු අධිකරණය හමුවේ පෙනී සිටීම හිතාමතාම මග හැර ඇති බවය.
රාඩා ආයතනයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා එල්ල වී සිටින ඒ අනුව විත්තිකාර එමිල් කාන්තන් අත් අඩංගුවට ගන්නැයි දන්වා විවෘත වරෙන්තු නිකුත් කරන බව අධිකරණය ප්‍රකාශ කළේය.
No comments