2017 වසරේදි වත්මන් ආණ්ඩුවට පෙරළනවා මහින්දගෙන් සහතිකයක්
2017 වසර තුළ වත්මන් ආණ්ඩුව පෙරළා දැමීම තම අරමුණ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියාසිටියි.
පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවට තුනෙන් දෙකක බහුතර බලයක් තිබුණත් වර්තමාන දේශපාලන තත්වය සලකා බැලීමේදී සියල්ල ඉදිරිකාලය තුළ වෙනස් විය හැකි බව හිටපු ජනාධිපතිවරයා අද කොළඹ දී ශ්‍රී ලංකාවේ විදේශ වර්තාකරුන්වන් සමග සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළේය.
ආණ්ඩුවේ එක්සත් ජාතික පාර්ශවය හා ශ්‍රී ලංකා නිදහස් පාර්ශවය අතර දැන් ගැටුම් ඇතිවෙමින් තිබෙන බව පැවසූ හිටපු ජනාධිපතිවරයා රටකට මෙලෙස ඉදිරියට යාමට නොහැකි බවයි පෙන්වා දුන්නේ.
No comments