රත්නපුරේ බට්ටීට එරෙහිව අද උද්ඝෝෂණයක්
රත්නපුර නගරයේදී පොලිස් නිලධාරියකු විසින් තමාට අමානුෂිකව පහරදීමට එරෙහිව හා ඒ පිළිබඳ පැමිණිල්ල බාර නොගනිමින් තම මානව හිමිකම් කඩ කිරීමට එරෙහිව
පොලිස් දෙපාර්තමේන්තුවෙන් කෝටි පහක වන්දි මුදලක් අයකර දෙන ලෙස ඉල්ලා අද (02) දින ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පවරන බව පහර කෑමට ලක්වූ ඩබ්ලිව්.ඒ. කාන්තිලතා නොහොත් බට්ටී නමැත්තිය මාධ්‍ය හමුවකට එක්වෙමින් ඊයේ දින පැවසුවාය.

එහිදී වගඋත්තරකරුවන් ලෙස රත්නපුර පොලිසියේ පොලිස් ස්ථානාධිපතිවරයා, පොලිස්පතිවරයා හා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා නම්කරනු ලබන බවද පැවසුවාය. ඊයේ (01) දින මරදාන ඩීන්ස් පාරේ පිහිටි සමාජය හා සාමයික කේන්ද්‍රයේ පැවති මෙම මාධ්‍ය හමුව සංවිධානය කොට තිබුණේ ‘මිනිස් අවකාශයක් සඳහා සාමුහිකය’ විසිනි.
බට්ටි එසේ ක්‍රියාමාර්ග ගනිද්දී බටීට එරෙහිව රත්නපුර වැසියන්ද අද දිනයේ පාරට බැසීමේ සූදානමක් පවතී යැයි වාර්තා වේ. එහිදී ඔවුන් රත්නපුර ජනතාව දැනුවත්කොට තිබුනේ අත්පත්‍රිකාවක් නගරය පුරා බෙදා හැරීමෙනි
මිතුරන් දැනුවත් කරන්නSHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.
No comments