අතපත්තුට පත්තු වෙයි ද ?
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්‌ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා තෝරාගන්නා ලද පුහුණුකරුවන් 8 දෙනා අතුරින් අවසන්
තිදෙනා තේරීම අද (19 දා) පැවැත්වීමට නියමිත විශේෂ රැස්‌වීමේදී තීරණය කිරීමට නියමිත වේ.
තිදෙනා තේරීම අද (19 දා) පැවැත්වීමට නියමිත විශේෂ රැස්‌වීමේදී තීරණය කිරීමට නියමිත වේ.
ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා සුදුස්‌සකු තෝරා ගැනීම සඳහා විධායක සභාව විසින් ක්‍රිකට් උප සභාපතිවරයකු වන අසංග සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවකට භාර කරන ලදී. සාමාජිකයන් 11 දෙනෙකුගෙන් සමන්විත අදාළ කමිටුවට වත්මන් තේරීම් කමිටු ප්‍රධානී සනත් ජයසූරිය, ලේකම් නිශාන්ත රණතුංග, ප්‍රධාන විධායක ඈෂ්ලී ද සිල්වා, විධායක කමිටු සාමාජික ශම්මි සිල්වා, උප ලේකම් හිරන්ත පෙරේරා, රංජිත් ප්‍රනාන්දු, ඩූෂාන් සෝසා, ජයනන්ද වර්ණවීර, ජෙරම් ජයරත්න සහ නුස්‌කි මොහොමඩ් යන මහත්වරු අයෙත් වෙති.
ශ්‍රී ලංකා කණ්‌ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා අයෑදුම්පත් යොමු කර තිබූ දෙස් විදෙස් පුහුණුකරුවන් 15 දෙනෙකු අතරින් 8 දෙනෙකු අද දිනයේ පැවැත්වෙන අවසන් සම්මුඛ සාකච්ඡාව සඳහා තෝරා ගෙන තිබෙන අතර ඔවුන් අතරින් අවසන් තිදෙනකු අද දිනයේදී තෝරා ගැනීමට නියමිත වේ. අද දිනයේ සාකච්ඡා කිරීමට නියමිත පුහුණුකරුවන් අතර සිටින එකම ශ්‍රී ලාංකික පුහුණුකරුවා වන්නේ මාවන් අතපත්තු පමණි.
මිතුරන් දැනුවත් කරන්නSHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.

No comments