ගෑනු ලස්සන කරපු දොස්තරට ඇප
මහත් ආන්දෝලනයකට තුඩු දුන් ලස්සන වීමේ එන්නතක් ලබා දීමෙන් පසු වෛද්‍යවරියක මියයෑමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර සිටි
බම්බලපිටියේ රූපලාවණ්‍යාගාරයේ වෛද්‍ය නිමල් ගමගේ මහතා දැඩි කොන්දේසි සහිත ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මොහොමඩ් සහබ්දීන් මහතා ඊයේ (3දා) නියම කෙළේය.
බම්බලපිටියේ රූපලාවණ්‍යාගාරයේ වෛද්‍ය නිමල් ගමගේ මහතා දැඩි කොන්දේසි සහිත ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මොහොමඩ් සහබ්දීන් මහතා ඊයේ (3දා) නියම කෙළේය.
සැකකාර වෛද්‍යවරයා රුපියල් 50,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහරින ලෙස නියම කළ අතිරේක මහෙස්ත්‍රාත්වරයා සෑම මසකම පළමුවැනි ඉරිදා බම්බලපිටිය පොලිසියේ අපරාධ අංශය වෙත වාර්තා කරන ලෙසද නියම කෙළේය.
සැකකාර වෛද්‍යවරයාගේ විදේශ ගමන් බලපත්‍රය ද අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස අතිරේක මහෙස්ත්‍රාත්වරයා නියම කෙළේය.
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්ලාස්ටික් සැත්කම් අංශයේ විශේෂඥ වෛද්‍යවරියක් වූ 47 හැවිරිදි ඊ.ඒ. ප්‍රියංගා මහත්මිය බම්බලපිටිය විශාඛා පාරේ පිහිටි පෞද්ගලික රූපලාවණ්‍යාගාරයකදී කල් ඉකුත්වූ ප්‍රතිජීවක එන්නතක් ලබාදීමෙන් අනතුරුව ඉකුත් අගෝස්තු 12 වැනි දින මියගොස් තිබිණි.
අදාළ පැමිණිල්ල ලබන 26 වැනිදා යළි කැඳවීමට නියමිතය.
මිතුරන් දැනුවත් කරන්නSHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.

No comments