බොඩි ගාර්ඩ් වෙන්න බොඩි හදන චීන ළදුන්
සාමාන්‍යයෙන් ඕනෑම සමාජයක තියන පිළිගැනීම තමයි ගැහැණුන් යනු ලඳ බොළඳ සියුමැලි පිරිසක් කියන එක.
වර්තමානය වනවිටනම් ඒ මතය ගොඩක් වෙනස් උනත් සම්පුරණයෙන් බැහැර වෙලත් නෑ. මේ නිසාම
ගැහැණු, පිරිමින් ආරක්ෂා කරනවා කිව්වම ඒක ටිකක් අපේ සමාජයට නුහුරුයි .චීනයේ කාන්තා ආරක්ෂක නිලධාරිනියන් පුහුණුවන ආකාරය දැක්කම නම් ගැහැණු කියන්නෙ තව දුරටත් කුස්සියේ වැඩට විතරක් සිමා වුනු සියුමැලි පිරිසක් නොවන බව හොඳින්ම වැටහේවි.
වාර්තාවෙන ආකාරයට චිනේ කාන්තා ආරක්ෂක නිලධාරිනියන් සඳහා විශාල ඉල්ලුමක් පවතියි. එපමණක් නොවේ ඔවුන් හට පිරිමින්ට වඩා වැඩි ගෙවීමක් කරන බවද පැවසේ. ඔවුන්ට මාස 10ක් පුරා ලබාදෙන පහුණු කාලසීමාව අතරතුර සටන් පුහුණුව, යුධ පුහුණුව, ව්‍යාපාරික ආචාරධර්ම යනාදිය පිලිබඳ පුර්ණ පුහුණුවක් ලබාදේ.
මේ පුහුණුව සඳහා සහභගි වෙන බොහෝ තරුණියන් උසස් අධ්‍යාපනය හදාරා උපාධිය ලබාගත් පිරිස්. ඔවුන් මේ ම පුහුණුව සඳහා සහභාගී වන බව පැවසෙන්නේ හොඳ වැටුපක් සහිත රැකියාවක් ලබාගැනීමේ අරමුණ සහිතවයි.
මිතුරන් දැනුවත් කරන්නSHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.
No comments