කළුතර කටුකුරුන්දේදී ප්‍රදේශවාසීන් හා පොලිසිය අතර ගැටුමක්
කළුතර කටුකුරුන්දේදී ප්‍රදේශවාසීන් හා පොලිසිය අතර සිදු වූ ගැටුමකින් පොලිස් නිලධාරීන් තිදෙනකු තුවාල ලබා තිබේ.
අනවසර ඉදිකිරීමක් යැයි පවසා
කටුකුරුන්දේ පිලිප් මේරි දේවස්ථානයට පිවිසෙන මාර්ගයේ සවි කොට තිබු ජෝසප් වාස් පියතුමාගේ ප්‍රතිමාවක් පොලිසිය විසින් ඉවත් කිරීමට කටයුතු කර තිබේ.පසුව පියතුමා සහ පොලිසිය අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව පිළිමය නැවතත් තිබූ ස්ථානයටම රැගෙන යාමට පොලිසිය එකඟ වී පිලිප් මේරි මාවතට ගිය අවස්ථාවේ පොලිසිය සහ කතෝලික භක්තිකයන් පිරිසක් අතර නොසන්සුන්කාරී වාතාවරණයක් ඇති වූ බව වාර්තා වේ.
එම පිරිසට විසිර යන ලෙස පොලිසිය නියෝග කර ඇති අතර සිංහල රාවය ඇතුළු අනෙකුත් සංවිධාන නියෝජනය කරන බෞද්ධ හිමිවරුද එම ස්ථානයට පැමිණ තිබේ.
එහිදී ප්‍රදේශවාසීන් පොලිසිය වෙත ගල් මුල් ප්‍රහාර එල්ල කර ඇති බව පැවසෙයි.
නොසන්සුන්කාරී තත්වය පාලනය කිරීමට එහි ගොස් සිටි කළුතර ප්‍රදේශය භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයාටද ගල් මුල් ප්‍රහාර එල්ල වී ඇත.
තුවාල ලැබූ පොලිස් නිලධාරීන් නාගොඩ රෝහලට ඇතුළත් කර තිබේ.
එහි සිටි කතෝලික භක්තිකයන් පොලිසියට පවසා ඇත්තේ දේව ප්‍රතිමාව ඉදිකිරීම සඳහා ආගමික අමාත්‍යංශයට දන්වා අවසර ඉල්ලා ඇති බවයි.
නොසන්සුන්කාරී වාතාවරණය හේතුවෙන් ගාලු පාරේ රථවාහන ධාවනය පැයකට වැඩි කාලයක් නැවතී ඇති අතර මේ වන විට තත්වය සම්පුර්ණයෙන් පාලනය කර තිබේ.
ලබන වසරේ ශ්‍රී ලංකාවට සැපත් වන ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් ජෝසප් වාස් පියතුමා ශාන්තුවරයකු ලෙස නම් කිරීමට නියමිතව තිබේ.
bbc
මිතුරන් දැනුවත් කරන්නSHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.
No comments