Header Ads

ජීවත්වෙන්න සල්ලි හොයන්න රැයකට ලක්ෂ 3ක් අයකළ නිළිය

බොලිවුඩ් සිනමාවේ තාරකාවක් වූ ශ්වේතා බාසු ගණිකා වෘත්තියේ නියැලීමේ වරදට අත්අඩංගුවට පත්ව තිබෙනවා. ළමා නිළියක
ලෙස බොලිවුඩ් සිනමාවට පිවිසි ඇය මේ වනවිට 23 හැවිරිදි වියේ පසුවනවා.

ගණුදෙනු කරුවකු සමග හෝටල් කාමරයක සිටියදී පසුගිය ඉරිදා අත්අඩංගුවට පත් ඇය ඉන්දීය පොලීසියට පවසා ඇත්තේ, මූල්‍ය දුෂ්කරතා හේතුවෙන් තමන් ගණිකා වෘත්තියේ යෙදුන බවය.

මූල්‍ය අගහිඟකම් නිසා පවුලේ ඕනෑ එපාකම් සඳහා මුදල් සොයා ගැනීමට තමන්ගේ සමීපතමයින් කිහිප දෙනෙකුගේ පෙළඹවීම මත මෙම වෘත්තියට එළඹුණු බවයි ඇය පවසා ඇත්තේ.

විදෙස් මාධ්‍ය වාර්තා අනුව ඇය සමග රාත්‍රියක් ගත කිරීම සඳහා පිරිමියෙකු ගෙවිය යුතු මුදල ඉන්දියානු රුපියල් 100000කි. මෙරට මුදලින් නම් එය රුපියල් ලක්ෂ 3 ඉක්මවනු ඇති.


මිතුරන් දැනුවත් කරන්නSHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.

No comments

Powered by Blogger.