Header Ads

කොටින්ට කෝටි 20ක් මහනුවර ත‍්‍රිත්ව විදුහලේ ගිණුමකින් දීලා

කොටි සංවිධානයේ වැඩ කටයුතු සඳහා රුපියල් මිලියන 202 ක මුදලක් මහනුවර ත‍්‍රිත්ව විදුහලේ ගිණුමකින් ලබා දී ඇතැයි එම විදුහලේ ආදි ශිෂ්‍යයකු වන
නිශාන්ත ප‍්‍රියලාල් අල්විස් මහතා රහස් පොලීසියට කළ පැමිණිල්ලකට අනුව මහනුවර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ විගණන වාර්තාවක් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා අධිකරණයට කරුණු ඉදිරිපත් කරන ලෙස මහනුවර අතිරේක මහේස්ත‍්‍රාත් ශ‍්‍රීනිත් විජේසේකර මහතා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන්ට නියෝග කළේය.
2013 ජනවාරි මස 06 වැනි දා නිශාන්ත ප‍්‍රියලාල් අල්විස් මහතා මහනුවර මහේස්ත‍්‍රාත් අධිකරණයේ දී ඉදිරිපත් කළ වාචික පැමිණිල්ලක් අනුව අධිකරණය ත‍්‍රිත්ව විදුහලේ ගිණුම් සම්බන්ධව විගණනයක් සිදු කර අධිකරණයට කරුණු ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය.
මිතුරන් දැනුවත් කරන්නSHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.

No comments

Powered by Blogger.