Header Ads

facebook වලින් ගුරුවරියගේ රුව නිරුවත් කල සිසුවා

නුගේගොඩ ජාත්‍යන්තර පාසලක ගුරුවරියකගේ මුහුණ නිරුවත් කාන්තාවකගේ ඡායාරූපයකට බද්ධ කර එම ඡායාරූපය
ෆේස්බුක් වෙත මුදා හැරිය බව කියන එම පාසලේ 14 හැවිරිදි බාල වයස්කාර සිසුවෙකු නුගේගොඩ වැඩ බලන මහෙස්ත්‍රාත් තිස්ස විජේරත්න මහතා විසින් ඇප මත මුදාහැරීමට නියෝග කොට ඇත.

එම ගුරුවරියගේ ජායාරූපයකට නිරුවත් සිරුරක් බද්ධ කොට ෆේස්බුක් වෙත එක්කොට ඇතිබව එම ගුරුවරියකගේ හිතවත් ගුරුවරියක් දැන්වීමෙන් අනතුරුව එම ගුරුවරිය ඒ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් ගොනුකොට තිබේ.

ෆේස්බුක් ගිණුමට ජායාරූපය එක්කොට පුද්ගලයා හඳුනා ගැනීම උදෙසා පැමිණිලිකාර ගුරුවරිය ෆේස්බුක් ඔස්සේ "ප්‍රනාන්දු" නමින් පෙනී සිටි එම පුද්ගලයා සමග කතාබහකොට ඇතිඅතර එම පුද්ගලයා ගුරුවරියගෙන් දුරකථන අංකය ඉල්ලා ඇත.

තමාගේ දුරකථන අංකය වෙනුවට තම ඥාතියෙකුගේ දුරකථන අංකයක් ගුරුවරිය විසින් ලබාදී තිබේ. ඉන් අනතුරුව එම පුද්ගලයා විසින් ලබාදුන් දුරකථන ඇමතුම් වලින් ඔහුව සොයාබැලීමේදී එම පාසලේම ඉගෙනුම ලබන 14 හැවිරිදි සිසුවෙකු බව හෙළිවී තිබේ. සැකකාර සිසුවාගේ විදෙස් ගමන් තහනම් කිරීමටද පරිවාස වාර්තාවක් කැඳවීමටද අධිකරණයෙන් නියමකොට තිබේ.

මිතුරන් දැනුවත් කරන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න..


No comments

Powered by Blogger.