ප්‍රේමකීර්ති ද අල්විස් ඝාතනය ගැන ජනතා විමුක්ති පෙරමුණෙන් හෙළිදරව්වක්
ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගේ ඝාතනය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ අද පැවති මාධ්‍ය හමුවකදී අනාවරණයක් කළේය.
ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගේ නෝනා හා දරුවා අපිවත් ඇවිත් හම්බවුණා. අපි පැහැදිලි කරලා කිව්වා මේ සම්බන්ධව ජනතා විමුක්ති පෙරමුණට චෝදනා කරන අය ඒක සම්පූර්ණ වැරදියි. මේකට ආණ්ඩුව සම්බන්ධයි මේකට ආණ්ඩුවේ මේ පුද්ගලයෙක් සම්බන්ධයි. ඒ පුද්ගලයා තමයි දැනට ගුවන් විදුලි සස්ථාවේ මුල් පුටුවේ ඉන්නේ. මේ ආණ්ඩුවට ඇයි බැරිවුණේ මේ ගැන පරීක්ෂණයක් තියන්න? ප්‍රේමකීර්ති ගැන ඔච්චර හැගීමක් තියෙනවනම් ගෙදර අය සාක්කි දෙනව නම් ගෙදර අය ප්‍රසිද්ධියේ කියලා තියෙනවනම් ඇයි ඒක පදනම් කරගෙන පරීක්ෂණයක් කරන්න පුළුවන්නි. ඒ ඔක්කොම පැත්තකට දාලා මේ ජනතා විමුක්ති පෙරමුණට මඩගහන්න යනවා.
No comments