බදුල්ලේදී වෙන් වූ විමල්ගේ පක්ෂය මොනරාගලදී සන්ධාන පාර්ශවකරුවෙක් වීමට යයි.
අද බදුල්ල දිස්ත්‍රික්කයට වෙන ම තරග කිරීම සඳහා නාම යෝජනා භාර දුන් ජාතික නිදහස් පෙරමුණ මොනරාගල දිස්ත්‍රික්කය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කිරීමට සාකච්ඡා කරමින් සිටී.
අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ, ජාතික නිදහස් පෙරමුණ ඉදිරිපත් කළ යෝජනා පිළිගත් බව ය.
ජනාධිපති ලේකම් කාර්යාලයේ අද පස්වරුවේ පැවති මෙම මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා ජාතික නිදහස් පෙරමුණේ ජ්‍යේෂ්ඨ නායකයෝ රැසක් එක් ව සිටියහ.
No comments