කොලොන්නාවේ එජාප සංවිධායක ධුරය එස්.එම්. මරික්කාර්ට
කොලොන්නාව එක්සත් ජාතික පක්ෂ නව සංවිධායක ලෙස එස්.එම්. මරික්කාර් මහතා අද පත් කෙරිණ.
ආසන සංවිධානය ධූරය පිරිනැමුනේ අද පෙරවරුවේදී ය.
පත්වීමට
අදාළ ලිපිය මරික්කාර් මහතා වෙත පිරිනමනු ලැබුවේ, එක්සත් ජාතික පක්ෂ ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.එස්.එම්. මරික්කාර් මහතා දේශපාලනට ප්‍රවිශ්ට වූයේ පසුගිය බස්නාහිර පළාත් සභා මැතිවරණයේදී ය.
එහිදී මනාප 67,886 ලබාගනිමින් විපක්ෂයේ වැඩිම මනාප ලැබූ දේශපාලනඥයා බවට ඔහු පත් විය.
එක්සත් ජාතික පක්ෂයේ කොලොන්නාව නව සංවිධායක එස්.එම්. මරික්කාර් මහතා
කොලොන්නාව මැතිවරණ කොට්ඨාසය කියලා කියන්නේ කොළඹ නගරයට ආසන්නව තිබුණ ත් සංවර්ධනයෙන් ඉතාම පල්ලෙහාට ගිය,යටිතල පහසුකම් දියුණු නොවිච්ච ඒ වගේම ජනතාවගේ ප්‍රශ්න ඉතා විශාල වශයෙන් දැවෙන,කුඩු පාරාදීසයක් වෙච්ච ආසනයක්.ඒ නිසා කොලොන්නාව නගරය දියුණු කරන්න,ඒ වගේම කොලොන්නාවේ තරුණයන්ට රැකියා ලබා දෙන්න,කොලොන්නාවෙන් කුඩු සහමුලින්ම තුරන් කරලා දාන්න,ඒ වගේම කොලොන්නාවට වේගවත් සංවර්ධනයක් ගෙනල්ලා, දියුණු මැතිවරණ කොට්ඨාසයක් බවට පත් කිරීමේ වගකීම එක්සත් ජාතික පක්ෂ රජයක් යටතේ භාරගන්න මම සූදානම්. අවුරුදු 20කට පස්සේ නැවත එක්සත් ජාතික පාක්ෂිකයන්ට කොන්ද කෙලින් තියාගෙන කොලොන්නාවේ ඉන්න පුළුවන් වාතාවරණයක් ඉදිරි මාස 2 ඇතුළත අපි සියළු දෙනා එකතු වෙලා ,එකාවන්ව එකට නැගී සිට හදන්න අපි සූදානම්.
එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා
විශේෂයෙන්ම මං සතුටු වන්නේ මරික්කාර් මැතිතුමා කියන්නේ දක්ෂ, පක්ෂ හපන්කම් තිබෙන හොඳ දර්ශනයක් තුළින් හොඳ වැඩපිළිවෙළක් තුළින් ශක්ති සම්පන්න මහජන සේවාවක් ඉෂ්ඨ කරන්නට සැදී පැහැදී සිටින තරුණ නායකයෙක්.මේ වගේ හැකියාවන් තියෙන පුද්ගලයින්ට එක්සත් ජාතික පක්ෂය තුළ තැනක් ලැබුණා කියන්නේ නියත වශයෙන්ම එක්සත් ජාතික පක්ෂයට ඉදිරි අනාගතයේදී හොඳ ගමනක් යන්නට පුළුවන්.
No comments