Header Ads

සිහිමුර්ජා වී ඇද වැටුණු ගැබිණි මවක් දුම්රියට යට නොවී අනූනවයෙන් බේරෙයි (VIDEO)

දුම්රිය මාර්ගයකට ඇද වැටුණු ගර්භණී මාතාවක් ඉදිරියෙන් පැමිණෙන දුම්රියට යට නොවී බේරෙන ආකාරය දැක්වෙන දර්ශන පෙළක් විදෙස් මාධ්‍ය ඔස්සේ පළ කර තිබේ. මෙම සිදුවීම
වාර්තා වන්නේ, චීනයේ බීජිං නුවර උමං දුම්රිය මාර්ගයකිනි.

අදාළ ගර්භණී කාන්තාව සිහි මුර්ජා වී දුම්රිය මාර්ගයට ඇද වැටී ඇති අතර ඇය දුම්රියට යට වීමට අඟල් කිහිපයක් පමණක් තිබියදී දුම්රිය නැවැත්වීමට රියැදුරු සමත් වී ඇත.

ඉන් පසු කාන්තාව ඉතාම ත් අපහසුවෙන් ඉන් ඉවතට පැමිණෙන අතර  සුළු තුවාල ලැබූ ඇය පසුව රෝහල්ගත කිරීමට කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

No comments

Powered by Blogger.