Header Ads

සැමියන් රවටන බිරින්දෑවරුන් වැඩිවෙලා.

තම සැමියා රවටන බිරින්දෑවරුන්ගේ සංඛ්‍යාව පසුගිය දශක දෙකක දී සියයට 40 කින් ඉහළගොස් ඇතැයි සමීක්ෂණයකින් හෙළිවී ඇත. මේ කාලයේ දී බිරිඳ රවටන සැමියන්ගේ සංඛ්‍යාව
ඉහළගොස් ඇත්තේ සියයට 21කිනි.
මේ සමීක්ෂණය සිදුකැර ඇත්තේ ඇමරිකාවේ ජාතික උපදේශන පර්යේෂණ මධ්‍යස්ථානයේ සමාජ විද්‍යා සමීක්ෂණ ඒකකය විසිනි. චිකාගෝ නීතිවේදීන්ගේ විද්වත් පර්ශදය මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසන්නේ බිරියගේ විශ්වාස කඩකිරීම් හේතුවෙන් දික්කසාද වීමේ ප්‍රමාණය ද ඉහළ ගොස් ඇති බවයි.
එම පර්යේෂණයෙන් පෙන්වාදෙන්නේ වසර 20ක කාලයේදී කාන්තාවන්ගේ වැටුප් ප්‍රමාණය ඉහළ යාම ද මේ රැවටීම්වලට හා දික්කසාදයට හේතුවක් වී ඇති බවයි. අන්තර්ජාලය හා සමාජ මාධ්‍යය ද කාන්තාවන්ගේ අනියම් සම්බන්ධතාවලට හේතුවක් වී ඇති බව සොයාගෙන තිබේ.
පර්යේෂකයන් අවධාරණය කරන තවත් කරුණක් වන්නේ තම විවාහ ජීවිතය සතුටුදායක නොවේනම් එයින් ඉවත් වී වෙනත් සහකරුවකු සොයා ගැනීමට කාන්තාවන් ඉක්මණින් පෙළඹෙන බවයි.

මිතුරන් දැනුවත් කරන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.

No comments

Powered by Blogger.