ආදර ‘ඉබ්බන්’ගේ බර වැඩි වී ප්‍රංශයේ සුප්‍රකට ආදර පාලම ආදරවන්තයින්ට තහනම් වෙයි (VIDEO)
ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි Pont des Arts පාලම ලොව පුරා ප්‍රචලිතව ඇත්තේ, ප්‍රේමවන්තයින් සිය ආදරය සංකේතවත් කිරීම සඳහා පැමිණෙන සුවිශේෂී ස්ථානයක් ලෙස ය.
එහි සුවිශේෂත්වය වනුයේ, ආදරවන්තයින් එහි පැමිණ සිය
ආදරය සංකේතවත් කරමින් ඔවුන් දෙදෙනොගේ නම් සහිත ලොක් (Lock) දෙකකට ඉබි යතුරු දමා එම යතුරු ජලාශයට විසි කිරීම ය.දශක ගණනාවක් පුරා මෙහි එල්ලා ඇති ඉබි යතුරුවල බර නිසා පාලම කඩා වැටීමට ආසන්න තත්ත්වයකට පත්ව ඇතැයි ප්‍රංශ පොලීසිය පවසයි.
මේ හේතුවෙන් පාලම මතට පිවිසීම අද දිනයේ සිට තහනම් කෙරුණු අතර එහි ඇති ඉබි යතුරු ඉවත් කිරීමට කටයුතු කර තිබේ. ආදරවන්තයින් යම් විශ්වාසයකින් එහි රැඳවූ ඉබි යතුරු ඉවත් කිරීම සදාචාර සම්පන්න නොවන බවට ඇතැම් පිරිස් චෝදනා කරති.
No comments